ඔබ මියගියහොත් Facebook  ගිණුමට වන දේ…

ඔබ මියගියහොත් Facebook ගිණුමට වන දේ…

ලාංකිකයන් මෙන්ම ලෝකවාසි  ලොව පුරා බොහෝ ජනතාව  Facebook වෙබ් අඩවියේ සාමාජිකයන් වෙති. ඔවුන්  එදිනෙදා දිවියේ වන දෑ පිළිබඳව සිය මිතුරන් සමඟ බෙදා හදා ගැනීමට මෙන්ම, දුරින් සිටින නෑ සිය මිතුරන් සමඟ සම්බන්ධතා පවත්වා ගැනීමට ද මෙවන් සමාජ වෙබ් අඩවි භාවිතා කරති.

 සාමාන්‍යයෙන් අප සමාජ ජාල වලට ඇතුල් වීමට භාවිතා කරන පරිශීලක නම් /  විද්‍යුත් ලිපින හා  මුරපදයන් වෙනත් අයෙකුගේ අතට නොදෙන්නෙත්, වෙනත් අයෙකුගේ මෙම දත්ත උදුරාගන්නට තැත්  නොකරති.

නමුත් මෙය ගැටළුවක් බවට පත්වන්නේ එවන් කෙනෙකු මිය ගිය පසුය.

1.      මිය ගිය පුද්ගලයාගේ ගිණුම රපොර්තු කිරීම.

Facebook වෙබ් අඩවිය භාවිතා කරන කෙනෙක්ට ඒ සම්බන්ධයෙන් ගත හැකි ක්‍රියාමාර්ග 2ක් වේ.  එකක් නම් , මියගිය පුද්ගලයාගේ ගිණුම අනුස්මරණ පිටුවක් (memorialized page) බවට පත් කිරීම කල හැකිය. එනම්, Facebook එවන් ගිණුම් සක්‍රිය පරිශීලකයන්  ලෙස නොසලකන අතර, වෙනත් අයෙකුට එය තුලට අනවසරයෙන් ඇතුල් වන්නට ඔහුගේ ගෞරවය රැකෙන පරිද්දෙන් කටයුතු කරයි.

මෙවැන්නක් සිදු කිරීමට  , අදාළ මිය ගිය අයගේ මිතුරෙකු හෝ පවුලේ අයෙකු විසින් Memorialization Request නමින් හැඳින්වෙන ඉල්ලුම් පත්‍රයක් පුරවා Facebook වෙත යැවිය යුතුය. එහිදී ඔවුන් එම මිය ගිය අයගේ මරණය ඔප්පු කල යුතුය. ඒ සඳහා ඔහුගේ/ඇයගේ මරණය සම්බන්ධ පුවත්පත් දැන්වීමක් හෝ මරණ දැන්වීමක් යැවිය හැකි අතර, අදාළ සාක්ෂි ලද විටFacebook විසින් අදාළ පාර්ශවයේ ගිණුම අනුස්මරණ පිටුවක් බවට පරිවර්තනය කරනු ඇත.

මේ හැරුණු විට මිය ගිය පුද්ගලයාගේ ගිණුම වසා දමන ලෙස Facebook වෙත ඉල්ලීමක් කල හැකි අතර, එමඟින් එම අදාළ ගිණුමFacebook තුලින් ඉවත් වනු ඇත. Facebook මෙම ඉල්ලීම පිළිගන්නේ මියගිය පාර්ශවයේ ලඟම නෑයෙකු ගේ ඉල්ලීමකින් පමණි. “Special Request for Deceased Person’s Account” යන ඉල්ලුම් පත්‍රය පුරවා Facebook  වෙත යැවීමෙන් මෙය සිදු කල හැකිය.

සටහන සී. එදිරිමාන්න

Share this: