ජාතික හැදුනුම්පත් නිකුත් කිරිමේ එක්දින සේවාව වඩාත් කාර්යක්ෂම කිරිමට පුද්ගලයින් ලියාපදිංචි කිරිමේ දෙපාර්තමේන්තුවේ අවධානය යොමුව තිබෙනවා.
ඒ අනුව ජාතික හැදුනුම්පත් නිකුත් කිරිමේ එක්දින සේවාව යටතේ හැදුනුම්පත් නිකුත් කිරිමේදී හැදුනුම්පත නිකුත් කිරිමේ වෙලාව කෙටි පණිවුඩයක් මගින් අදාල අයදුම්කරු වෙත දැනුම් දීමට වැඩපිළිවෙලක් සකස් කර ඇත.
දිනකට විශාල අයදුම්කරුවන් සංඛ්‍යාවක් මෙම එක්දින සේවාව ලබා ගන්නා බැවින් ඔවුන්ට සිදුවන අපහසුතාවන් සැලකිල්ලට ගෙන පුද්ගලයින් ලියාපදිංචි කිරිමේ දෙපාර්තමේන්තුව විසින් මෙම නව වැඩසටහන ක්‍රියාත්මක කර ඇත.
රාජ්‍ය සේවය වඩාත් කාර්යක්ෂම කිරිමට ජනාධිපතිවරයා වැඩි අවධානයක් යොමු කර ඇති අතර ඉදිරියේදි මෙම සේවාව තවත් පුලුල් කිරිම පුද්ගලයින් ලියාපදිංචි කිරිමේ දෙපාර්තමෙන්තුවේ අපේක්ෂාව වී ඇත.
Share this: