ඔන්ලයින් (online) වකුගඩු ජාවාරමක්

ඔන්ලයින් (online) වකුගඩු ජාවාරමක්

ශ්‍රී ලංකාව හා බ්‍රිතාන්‍ය අතර ෆේස්බුක් හරහා සිදුකෙරෙන වකුගඩු ජාවාරමක් පිළිබඳ තොරතුරු අනාවරණය වෙමින් තිබේ.

තවද ශ්‍රී ලංකාවේ ජාවාරම්කාර ගනුදෙනුකරුවන් වකුගුඩු ඉන්ද්‍රීයක් බද්ධ කිරීමේ ගනුදෙනුව ඩොලර් 75,000 ක මුදලකට සිදුකරන බවත්, එය ඉන්ද්‍රීය බද්ධකිරීමේ සංචාරක ව්‍යාපාරයක් බවට පත්ව ඇති බවත් සඳහන්ය.

මෙම වකුගඩු හුවමාරුව නිසි ක්‍රියාපිළිවෙලකට සිදුනොවන බව හා එය ජාත්‍යන්තර මානව හිමිකම් උල්ලංඝණය කිරීමක් බව මෙන්ම මනුෂ්‍යත්වයට නිගාවක් බව බර්මිංහැම් විශ්වවිද්‍යාලයේ නීති උපාධිධරයෙකු වන චාර්ලොට් එල්වෙස් මහතා පවසයි.

ලැබෙන තොරතුරු අනුව තහවුරු වන්නේ, බ්‍රිතාන්‍යයන් මෙම වකුගඩු බද්ධකර ගැනීමේ ගනුදෙනුවේ කෙතරම් කොටස්කාරයින්වී ඇත්ද යත් දිනකට එක් බ්‍රිතාන්‍ය ජාතිකයෙකු බැගින් පොරොත්තු ලැයිස්තුවේ සිටින බවයි.

තවදු රටත් චාර්ලොට් එල්වෙස් පවසන්නේ, වකුගඩු අක්‍රීයවීම් ආදී මාරාන්තික රෝග වැළඳුණු විට ඒ පිළිබඳ විවෘතව කතා බහ කිරීම පවා අසීරු බවත්, එහෙත් සමාජ මාධ්‍ය වෙබ් අඩවි හරහා විවෘතව වකුගඩු විකිණීම සිදුකිරීම එක්සත් ජාතීන්ගේ ප්‍රඥ්ඥප්තිය උල්ලංඝණය කිරීමක් පමණක් නොව මනුෂ්‍යත්වයට නිගාදීමක් බවයි.

තවද වකුගඩු ලබාගැනීම දිළිඳු මිනිසුන්ගෙන් අයුතු ප්‍රයෝජන ගැනීමක් බවත්, වකුගඩු ලබාදීමෙන් පසු ඔවුන්ගේ ජීවිත පිළිබඳ අවදානම් සහගත තත්ත්වයකට මුහුණදෙන නමුදු ඒ පිළිබඳ කිසිවෙකුත් වගකීමක් නොගන්නා බවත් හෙතෙම පෙන්වාදෙයි.

බ්‍රිතාන්‍ය බැරිස්ටර්වරයෙකු වන ජෙරමි ඩීන් පවසන අන්දමට අවදානම් සහගත සහ අසරණ පිරිස් වලින් මෙලෙස වකගඩු ලබාගැනීම සදාචාරාත්මක නොවන බව හා නීති විරෝධී බවයි.

බ්‍රිතාන්‍ය පුවත්පතක් වන The Daily Record & Sunday Mail උපුටා දක්වන අන්දමට ශ්‍රී ලංකා ගනුදෙනුකරුවා විසින් සම්බන්ධීකරණය කරන ලද ගනුදෙනු සංඛ්‍යාව 100 ට වැඩි බවයි.

Share this: