හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ මාධ්‍ය ප්‍රකාශක රොහාන් වැලිවිට මහතා පවසන්නේ, ඒ.එස්.පී සමූහ ව්‍යාපාරයේ හිමිකරු ඒ.එස්.පී ලියනගේ මහතා දින කිහිපයක සිට අතුරුදහන්ව ඇති බව යි.
වැලිවිට මහතා කියා සිටියෙ, ලියනගේ මහතාට අයත් කෝට්ටේ පිහිටි පීකොක් මන්දිරය මහින්ද රාජපක්ෂ මහතාගේ පරිහරණයට සුදුසු වන පරිදි වාස්තු විද්‍යාත්මකව යළි සකසන ලදුව රාජපක්ෂ මහතා නිලවශයෙන් එහි අද (20)පදිංචිවීමට නියමිතව තිබුණු බවයි.
නමුත් ලියනගේ මහතා හිටි අඩියේම අතුරුදහන්වීම නිසා මහින්ද රාජපක්ෂ මහතාට අද දිනයේ එහි පදිංචිවීමට නොහැකි තත්ත්වයක් උද්ගතවී ඇති බව ඔහු කියා සිටියේය.
එසේම ඒ.එස්.පී ලියනගේ මහතාට අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව හමුවේ පෙනී සිටින ලෙස මීට පෙරාතුව දැනුම්දී ඇති බවද සඳහන්ය.
Share this: