ඒරාෂ්ඨක අනතුරු මාරක අපල සඳහා බෝධි පූජාවේ ගුණ ලබාගන්නා ආකාරය දැනගනිමු

ඒරාෂ්ඨක අනතුරු මාරක අපල සඳහා බෝධි පූජාවේ ගුණ ලබාගන්නා ආකාරය දැනගනිමු

අප මහා භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවරින් වෙනත් ප‍්‍රදේශයකට වැඩි අවස්ථාවක භාග්‍යවතුන් වහන්සේගේ නාමයෙන් බෝධීන් වහන්සේ නමක් වැඩ හිඳුවා බුදුරජාණන් වහන්සේ වෙනුවට වන්දනාමානකරන ලෙස ආනන්ද හාමුදුරුවෝ දැනුම් දුන් අවස්ථාවක මහා මොග්ගල්ලාන ස්වාමීන් වහන්සේ බෝධිය වැඩැමවීමේ කටයුතු භාරගෙන මහත් ගෞරවයෙන් එර්දි බලයෙන් වඩම්වා වන්දනා මාන කළ බව බෞද්ධ සාහිත්‍යයේ සඳහන් වේ. එසේනම් බෝධි පූජාව යනු සිතූ පැතූ සම්පත් ලබාදෙන කප් රුකක් නොවන බව මතකයේ තබා ගන්න.

බෝධිය යනු අවබෝධයයි. එනම් චතුරාර්ය සත්‍යය පිළිබඳ වූ අවබෝධයයි. චතුරාර්ය සත්‍යය අවබෝධ කරගත් යම් උතුමෙකු වේද බුද්ධ නම් වන සේක. යම් උත්තමයකුට බුදු බව ලබා ගන්නට සෙවන දුන් වෘක්ෂයක් වේද එය බෝධිනම් වන සේක. එසේ නම් අප ගෞතම බුදුරජාණන් වහන්සේට බුද්ධත්වය ලබන්නට සෙවන දුන්නේ ඇසටු බෝධීන් වහන්සේය. එසේ නම් පෙර දවස අනඳ තෙරුන් වහන්සේ බුදුන්වැඩ සිටි කළ බුදුන්වහන්සේ වෙනුවට වන්දනා කීරීමට බෝධීන් වහන්සේ නමක් හිඳුවා වන්දනා මාන කළ බව බෞද්ධ ජනතාව අවබෝධ කරගෙන මිහිපිට බුදුන්වැඩ සිටින්නා මෙන් සිත් ඇතිව ශ‍්‍රද්ධාවෙන් ගෞරවයෙන් බෝධීන් වහන්සේ වන්දනා කිරීමට කටයුතු කරන්න. බෝධීන් වහන්සේගේ අතු ඇල්ලීම නොයෙක් කොඩි එල්ලීම යන මිත්‍යා දෘෂ්ටික කටයුතු සිදුකර අකුසල් කර්ම වඩවා නොගන්න.

බෝධීන් වහන්සේගේ ගුණ ලබා ගැනීමෙන් සියලූ රෝග සුවපත් වේ. බෝධීන් වහන්සේගේ පහළට නැමී ඇති පත‍්‍රයන් තුළින් යම් කිරණ ශක්තියක් නිකුත් කරන බවත් පත‍්‍ර සුළ`ගට සෙලවීමේ දී ද යම් බලවත් කිරණයන් නිකුත් කරණ බවත් ඒ පිළිබඳ පර්යේෂණ කළ විද්‍යාඥයන්ගේ ද මතයයි.

බෝධියෙන් උපකාර ගන්නේ කෙසේ ද?

* පළමුව ජීවමාන බුදුන් වැඩ සිටින්නා මෙන්ම බෝධියට ගෞරව කරන්න.

* පත‍්‍ර ඇල්ලීම සිදු නොකරන්න. නොයෙක් දේ එල්ලීම නොකරන්න.

* පිරිත් කරණ ලද ජලයෙන් බෝධිය දෝවනය කරන්න.

* මල් පහන් ආදිය සුවඳ දුමින් පුදන්න.

* ඖෂධ පූජාවන් සිදුකරන්න.

* බුදු ගුණ බෝධි ගුණ සජ්ඣායනා කරන්න.

* බෝධීන් වහන්සේ ඉදිරියේ නව ග‍්‍රහයින්ගේ ගුණ ග‍්‍රහ ශාන්ති ආදිය සිදු නොකරන්න.

* පංච ශීලයෙන් ආරක්ෂාවී සියලූ කටයුතු කරන්න.

ඔබට මාරක අපල උවදුරු ඇත්නම් ඒ ගැන සිත සිතා කාලය ගත නොකරන්න. ඔබට රැකියාව මාරක උවදුරු ආදියෙන් ශුභ නොවේ යැයි සිතන්න. ඔබ මේ පිළිබඳ තැවෙන්නේ නම් ඔබ තුළ පංචනීවරණ තුළ බිය චකිතය හටගනී. නැති විපාක ඔබ වෙත එනු ඇත. එබැවින් පංචශීලයේ ආරක්ෂාවී නිතැතින් බෝධිය වන්දනා කරන්න. මාරක උවදුරු කරදර බාධක නැත්තා සේ සළකන්න. තෙරුවන් කෙරෙහි විශ්වාසයෙන් කටයුතු කරන්න. ඔබ සිදුකරගත් කුසල ආනිසංස සියලූ සම්‍යයක්දෘෂ්ටික දෙවියන්ටත් අනුමෝදන් කරන්න. උන්වහන්සේලාට බුදු පසේ බුදු මහරහතන් වහන්සේලා වීමට අවශ්‍ය පින් අනුමෝදන් කරන්න. තුනුරුවන්ගේ ආශිර්වාදයෙන් ධර්මයේ බලයෙන් පෙර අකුසල් විපාක යටපත් වේවායි අධිෂ්ඨාන කරන්න.

Share this: