ඒකාබද්ධ යුධ අභ්‍යාසය ලබන මස ඇරඹේ

ඒකාබද්ධ යුධ අභ්‍යාසය ලබන මස ඇරඹේ

ලබන මස 03 වනදා සිට 25 වනදා දක්වා ශ්‍රී ලංකා යුධ හමුදාව නැගෙනහිර පළාතේ සංවිධානය කරන ඒකාබද්ධ යුධ අභ්‍යාසය පැවැත්වීමට තීරණය කර තිබේ.

විශේෂ කාර්ය බලකාය, කමාර්ඩෝ ඒකකය වැනි ත්‍රිවිධ හමුදාවේ විශේෂ කණ්ඩායම්වල නිලධාරින් 297 දෙනෙකු සහ සෙසුනිලයන් 2232 දෙනෙකු ද, ඉන්දියාව, බංග්ලාදේශය, ඉන්දුනිසියාව, නේපාලය, පාකිස්ථානය, මැලේසියාව, අමෙරිකාව යන රටවලින් නිලධාරින් 53 දෙනෙකු ද ඊට සහභාගි වන බව යුධ හමුදා මාණ්ඩලික ප්‍රධානී මේජර් ජනරාල් එන්.ඒ.ඒ.සී ඩයස් මහතා ප්‍රකාශ කළේය.

කෝකිලායි සිට පානම දක්වා භූමියේ මෙම අභ්‍යාසය පැවැත්වීමට නියමිත අතර ඒ පිලිබදව ජනතාව දැනුවත් කිරීමට කටයුතු කරන බව යුධ හමුදා මාධ්‍ය අධ්‍යක්ෂ බ්‍රිගේඩියර් ජනතාත් ජයවිර මහතා ද පැවසුවේය.

Share this: