එ.ජ.නි.ස. සහ ශ්‍රී.ල.නි.ප. ප්‍රකාශ නිකුත් කිරිමේ අයිතිය ඇත්තේ පක්ෂයේ  ලේකම්වරුන්ටයි

එ.ජ.නි.ස. සහ ශ්‍රී.ල.නි.ප. ප්‍රකාශ නිකුත් කිරිමේ අයිතිය ඇත්තේ පක්ෂයේ ලේකම්වරුන්ටයි

එක්සත් ජනතා නිදහස් සන්ධානය පවසන අන්දමට, එක්සත් ජනතා නිදහස් සන්ධානයේ තීරණ සම්බන්ධයෙන් හෝ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ දේශපාලන තීරණ සම්බන්ධයෙන් මාධ්‍ය ප්‍රකාශ නිකුත් කළ හැක්කේ එහි ලේකම්වරුන්ට පමණකි.

දේශපාලඥයින් යම් යම් අවස්ථාවලදී කරනු ලබන ප්‍රකාශ සන්ධානය හෝ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නිල ප්‍රකාශ නොවන බව එහි මහ ලේකම් සුසිල් ප්‍රේමජයන්ත් මහතා නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.

තවදුරටත් අදාළ නිවේදන මඟින් පෙන්වා දෙන්නේ, එක්සත් ජනතා නිදහස් සන්ධානයේ විධායක සභාව නියෝජනය කරනුයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, මහජන එක්සත් පෙරමුණ, දේශ විමුක්ති ජනතා පක්ෂය සහ ශ්‍රී ලංකා මහජන පක්ෂය පමණක් බවයි.

තවද සන්ධාන ගතව සිටින සෙසු දේශපාලන පක්ෂ මැතිවරණයට ඉදිරිපත් විමේදී අවබෝධතා ගිවිසුම් මත එක්වු දේශපාලන පක්ෂ පමණක් බව සුසිල් ප්‍රේමජයන්ත් මහතා සඳහන් කරනු ලබයි.

සුසිල් ප්‍රේමජයන්ත් මහතා වැඩිදුරටත් සඳහන් කර ඇතේ, සන්ධානය එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවට එරෙහිව විශ්වාසභංග යෝජනා ගෙනඒමට කටයුතු කර ඇත්තේ දේශපාලඥයින් විසින් ප්‍රසිද්ධියේ ප්‍රකාශ කර ඇති පරිදි පස්ස දොරෙන් කිසිවෙක් අගමැති කිරිමට නොවන බවයි.

Share this: