එස්. එෆ් ලොක්කා ජීවිතක්ෂයට

එස්. එෆ් ලොක්කා ජීවිතක්ෂයට

අනුරාධපුර දහයියාගම ප්‍රදේශයේ සිදු වූ වෙඩි තැබීමකින් සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජික ඉරෝන් රණසිංහ නොහොත් එස්. එෆ් ලොක්කා මියගොස් ඇති බව පොලිසිය සදහන් කරයි.

වෙඩි ප්‍රහාරය එල්ල වන අවස්ථාවේ දී ඔහු මෝටර් රථයකින් ගමන් කරමින් සිට ඇති අතර ප්‍රහාරයෙන් මෝටර් රථයේ ගමන් කළ තවත් කාන්තාවක් ප්‍රතිකාර සඳහා රෝහල්ගත කර තිබේ.

අපරාධ රැසක් සම්බන්ධයෙන් චෝදනා එල්ල වී සිටි එස්.එෆ්.ලොක්කා මියයන විට 33 හැවිරිදි වියේ පසුවූ බව පොලීසිය සඳහන් කළේය.

වෙඩි ප්‍රහාරයෙන් අනතුරුව ඔවුන් ගමන් ගත් මෝටර් රථය ගිනිගෙන විනාශ වී තිබේ.

Share this: