එල්.ටී.ටී.ඊය මේවාට වගකිව යුතුයි – අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ

එල්.ටී.ටී.ඊය මේවාට වගකිව යුතුයි – අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසන්නේ, ආර්ථික සම්බාධකවලට ලක්වීමේ බියෙන් අද ශ්‍රී ලංකාවේ ජනතාව නිදහස් වී ඇති බවත්, ජනතා පරමාධිපත්‍ය බලය යළි ස්ථාපිත වී ඇති බවයි.

අගමැතිවරයා තවදුරටත්, කියා සිටියේ, පසුගිය යුධ සමයේ සිදුවූ අකටයුතුකම් සඳහා ප්‍රභාකරන් ඇතුළු එල්.ටී.ටී.ඊ. සංවිධානය වගකිවයුතු බවත්, ඒ නිසා එක් පාර්ශ්වයකට පමණක් චෝදනා එල්ල කිරීම නොකළ යුතු බවත්ය.

නවීකරණය කරන ලද කොළඹ පිලිප් ගුණවර්ධන ක්‍රීඩාංගණය (හයිඩ් පිටිය) ජනතා අයිතියට පැවරීමේ උත්සවයට එක්වෙමින් ඒ මහතා මේ බව කියා සිටියේය.

තවද මෙහිදී පිලිප් ගුණවර්ධන ක්‍රීඩාංගණයට යාබදව අභිනවයෙන් ඉදිකරන ලද නාගරික මුද්‍රණාලය, කායවර්ධන මධ්‍යස්ථානය හා වෘත්තීය සමිති කාර්යාල සහිත නව දෙමහල් කාර්යාල සංකීර්ණයද ජනතා අයිතියට පත්කෙරිණ.

මහ සංඝරත්නය, මහනගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක, ප්‍රවාහන අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා, වැඩබලන ආරක්ෂක අමාත්‍ය රුවන් විජයවර්ධන, කොළඹ නගරාධිපති ඒ.ජේ.එම්. මුසම්මිල් යන මහත්වරු මේ අවස්ථාවට සහභාගී වූහ.

Share this: