එල්.එන්.ජී. බලාගාර නොහැදීමෙන් බිලියන 3360ක පාඩුවක්

එල්.එන්.ජී. බලාගාර නොහැදීමෙන් බිලියන 3360ක පාඩුවක්

රනිල් – පාස්කරලිංගම් – මංගල – රවි – බටගොඩ ඇතුළු 7දෙනකුට එරෙහිව විදුලිය පාවිච්චි කරන්නන්ගේ සංගමයෙන් අල්ලස් කොමිසමට පැමිණිල්ලක්

2015 වනවිට විධිමත්ව හා නීත්‍යානුකූලව අනුමත කර තිබූ රටට ලාභදායී එල්. එන්. ජී. විදුලිබල ව්‍යාපෘතිය ඉදිකිරීම වංචනිකව ප‍්‍රමාද කරමින් පසුගිය යහපාලන ආණ්ඩුව රටට රුපියල් බිලියන තුන්දහස් තුන්සිය හැටක් අහිමි කර ඇතැයි විදුලිය පාවිච්චි කරන්නන්ගේ

සංගමය ඊයේ (27 දා) අල්ලස් හෝ ¥ෂණ චෝදනා විමර්ශන කොමිසමට පැමිණිලි කළේය.

ආර්ථික කළමනාකරණ පිළිබඳ නිලධාරි කමිටුවේ හිටපු ප‍්‍රධානී ආර්. පාස්කරලිංගම්, ආර්ථික කළමනාකරණ පිළිබඳ අමාත්‍ය මණ්ඩල කමිටුවේ හිටපු ප‍්‍රධානී සහ හිටපු අගමැති රනිල් වික‍්‍රමසිංහ, හිටපු විදුලිබල ඇමැති රවි කරුණානායක, සංවර්ධන උපාය මාර්ග සහ ව්‍යාපාර සංවර්ධන හිටපු ඇමැති මලික් සමරවික‍්‍රම, හිටපු වරාය ඇමැති සාගල රත්නායක, හිටපු මුදල් ඇමැති මංගල සමරවීර, විදුලි බල අමාත්‍යාංශ ලේකම් බී. එම්. එස්. බටගොඩ යන මහත්වරුන් හත් දෙනාට පැමිණිල්ලෙන් චෝදනා එල්ල කර ඇත.

එනර්ජි වෝල්ට් ඉන්ටර් නැෂනල් ලිමිටඞ් සමාගම ද්‍රව ස්වභාවික වායු (එල්. එන්. ජී.) බලාගාරයක් ඉදිකර ඒ හරහා විදුලි ඒකකයක් රු. 10.50 බැගින් විදුලිබල මණ්ඩලයට ලබා දීමට ටෙන්ඩර් ඉදිරිපත් කර තිබියදී එය ලබා නොදී අධික මිලකට විදුලිය ගැනීමෙන් මෙම පාඩුව කර ඇතැයි විදුලිය පාවිච්චි කරන්නන්ගේ

සංගමයේ ලේකම් සංජීව ධම්මික මහතා අල්ලස් හෝ ¥ෂණ විමර්ශන කොමිෂන් සභාවට කළ පැමිණිල්්ලේ සඳහන් වෙයි.

එල්. එන්. ජී. බලාගාර ඉදිකර විදුලිය ලබා

ගැනීමට ‘කැබිනට් මණ්ඩල අනුමත සාකච්ඡුා කමිටුවෙන්’ 2012 වසරේදී අනුමත කර තිබිණි. එමෙන්ම මුදල් අමාත්‍යාංශ ලේකම්ගේ ප‍්‍රධානත්වයෙන් යුත් කමිටුවෙන් ද අනුමැතිය ලැබී තිබූ අතර එම ව්‍යාපෘතිය නොකිරීමෙන් මෙම පාඩුව සිදු කර ඇති බව එම සංගමය කියයි. නැවතත් 2014 වසරේදී එල්. එන්. ජී. බලාගාර ඉදිකිරීමට කැබිනට් අනුමැතිය ලබාදී තිබුණ ද එය ද යහපාලන රජය විසින් පැහැරහැර වැඩි මිලට විදුලිය ගැනීම් කර ඇතැයි විදුලිය පාවිච්චි කරන්නන්ගේ සංගමය සඳහන් කරයි.

අත්තනෝමතිකව බලය අවභාවිත කිරීම මගින් රාජ්‍ය සංවර්ධනය අඩාල වීම, රාජ්‍ය මුදල් නාස්තිය, රටේ පොදු ජනතාවගේ මුදල් අවභාවිතය මගින් විශාල ¥ෂණයක් සහ වංචාවක් කර ඇති බව ද පැමිණිල්ලේ සඳහන් වෙයි.

එබැවින් විත්තිකරුවන්ගේ වත්කම් පරීක්ෂණයක් සිදු කර කඩිනම් විධිමත් විමර්ශනයක් අරඹා ඔවුන්ට එරෙහිව නීතිමය පියවර ගන්නා ලෙස ද පැමිණිල්ලෙන් ඉල්ලා ඇත.

Share this: