කොළඹ නැව් තටාකාංගනය විසින් නිෂ්පාදනය කළ එම් වී ලැගූන්ස් මගී නාවුක යාත්රාව ඉන්දීය රජය වෙත භාරදීමේ උත්සවය ජනාධිපති මෛත්රීපාල සිරිසේන මැතිතුමාගේ ප්රධානත්වයෙන් අද (26) පස්වරුවේ කොළඹ නැව් තටාකාංගනයේදී පැවැත්විණි.
ශ්රී ලංකා ආයෝජන මණ්ඩල සභාපති උපුල් ජයසූරිය, කොළඹ නැව් තටාකාංගනයේ සභාපති ආචාර්ය ටෝරු ටකේරා, ඉන්දීය රජය වෙනුවෙන් වරාය, නාවික හා ගුවන් අධ්යක්ෂ ශ්රී රජීව් රංජන් සින්ග් යන මහත්වරුන් ඇතුථ පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.
Share this: