එඩින්බරෝ විශ්වවිද්‍යාලයේ තැන්පත් කර තිබුණු මෙරට ආදිවාසීන්ට අයත් හිස් කබල 9 ක් යළි භාර දෙයි

එඩින්බරෝ විශ්වවිද්‍යාලයේ තැන්පත් කර තිබුණු මෙරට ආදිවාසීන්ට අයත් හිස් කබල 9 ක් යළි භාර දෙයි

බි‍්‍රතාන්‍ය එඩින්බරෝ විශ්වවිද්‍යාලයේ තැන්පත් කර තිබුණු ශ‍්‍රී ලංකාවේ ආදිවාසීන්ට අයත් හිස්කබල් නවයක් එම විශ්වවිද්‍යාල බලධාරීන් විසින් ආදිවාසී නායක ඌරුවරිගේ වන්නිල ඇත්තන්ට භාර දීමට කටයුතු කර තිබේ.

එම විශ්වවිද්‍යාලයේ ‘ප්ලේෆෙයා‘ පුස්තකාලය තුළ සංවිධානය කර තිබූ උත්සවයකදී ආදිවාසී නායක ඌරුවරිගේ වන්නිල ඇත්තන්ට මෙම හිස්කබල් ප‍්‍රදානය කර ඇති බව බීබීසී සිංහල වෙබ් අඩවිය කියයි.

වසර 200 කට වඩා පැරණි විය හැකි මෙම අස්ථි කොටස් වැදි ජනයාට අයත් බව විශේෂඥයෝ පවසති.

සියවසකට පෙර ලබාගත් මෙම අස්ථි එඩින්බරා විශ්වවිද්‍යාලයේ ව්‍යූහ විද්‍යා අංශයේ කොටසක් ලෙස තැන්පත් කර තිබිණි. ආදිවාසී නායක ඌරුවරිගේ වන්නිල ඇත්තන් මේ ප‍්‍රදානය ගැන මෙලෙස අදහස් දක්වා තිබිණි.

‘‘වැදි සමාජය තුළ මරණය කියන්නේ ඉතා වැදගත් දෙයක්. අපෙන් වෙන්ව ගිය අයට ගෞරවයක් වශයෙන් සෑම වසරකම අපි විශේෂ උත්සවයක් පවත්වනවා මේ ඇටකටු වසර ගණනාවක් එඩින්බරාවල තිබුණත්, ඔවුන්ගේ ආත්මය අපි සමඟ ශ‍්‍රී ලංකාවේ රැුඳී සිටියා. ඔවුන්ගේ ආත්මය සමඟ මේ ශරීර කොටස් එකතු කිරීම ගැන මම විශ්වවිද්‍යාලයට ස්තුති කරනවා. මෙය මගේ මිනිසුන්ට අති විශේෂ අවස්ථාවක් ’’

විවිධ ද්‍රව්‍ය 12,000 ක් පමණ තැන්පත් කර ඇති විශ්වවිද්‍යාලයේ අදාළ අංශයට මෙම හිස්කබල ලැබුණු ආකාරය අපැහැදිලිය.

ශ‍්‍රී ලංකාවේ ආදිවාසීන් තමන් බවට වැදි ජනයා කරන ප‍්‍රකාශය නිවැරදි බව හිස්කබල ඔස්සේ පරීක්ෂණ සිදු කළ ජර්මනියේ සහ එඩින්බරා පරීක්ෂකයෝ පවසති. වැදි ජනයා සිය මුල් යුගයේ දී වැසි වනාන්තර තුළ දඩයම් කරමින් තනිව ජීවත් වූ කොටසක් බව ද එම පර්යේෂකයන් පෙන්වා දී ඇත. විශ්වවිද්‍යාලය මෙම හිස්කබල වැදි ජනයාට නැවත භාර දීමට සිදු කළ යෝජනාව ඔවුහු පිළිගත්හ.

Share this: