ඉදිරි දින කිහිපය පුරාත් එක්සත් ජාතික පක්‍ෂ ජනපති අපේක්‍ෂකයා තීරණය කිරීම පිළිබඳව සාකච්ඡුා පැවැත්වීමට ඊයේ (10) අරලියගහ මන්දිරයේදී එකඟතාවයට පැමිණ ඇත.
අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා හා එජාප නියෝජ්‍ය නායක ඇමැති සජිත් පේ‍්‍රමදාස මහතා අතර පැවැති සාකච්ඡුාවේදී මේ එකඟතාවය ඇතිව තිබේ. ඊයේ රාති‍්‍ර 9.15 සිට පුරා පැය එකහමාරක් පමණ මෙම සාකච්ඡාව පැවැත්වී ඇත.
මෙම සාකච්ඡා සඳහා සජිත් පේ‍්‍රමදාස පාර්ශ්වයෙන් කබීර් හෂීම්, මලික් සමරවික‍්‍රම, රංජිත් මද්දුමබණ්ඩාර යන ඇමැතිවරු සහභාගි වී ඇති අතර අගමැතිවරයාගේ පාර්ශ්වයෙන් රාජිත සේනාරත්න හා අගමැති උපදේශක දිනේෂ් වීරක්කොඩි සහභාගිවී තිබේ.
මෙම සාකච්ඡුාවේදී අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා ප‍්‍රකාශ කර ඇත්තේ ජනපති අපේක්‍ෂකයා තේරීම පිළිබඳව සුළු පක්‍ෂ සමගත් සාකච්ඡුා කළ යුතු බවත් එම නිසා සුළු පක්‍ෂ සමගත් සාකච්ඡා කරන ලෙස සජිත් පේ‍්‍රමදාස මහතාට දැනුම්දී ඇත.
මෙම සාකච්ඡුාවෙන් අනතුරුව මාධ්‍ය හමුවට පැමිණ සජිත් පේ‍්‍රමදාස මහතා ප‍්‍රකාශ කළේ ඉදිරියටත් ජනපති අපේක්‍ෂකයා තෝරා ගැනීම වෙනුවෙන් සාකච්ඡා පැවැත්වෙන බවයි.
තමා හා එක්සත් ජාතික පක්‍ෂ නායක අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා අතර සුබවාදී සාකච්ඡුාවක් පැවැති බවත් හෙතෙම ප‍්‍රකාශ කළේය.
ඉතා සුබවාදී සාකච්ඡුාවක් පැවැත්වුණු බව ඇමැති රංජිත් මද්දුම බණ්ඩාර මහතා ‘දිවයින’ට ප‍්‍රකාශ කළේය. මේ සාකච්ඡුා ඉදිරි දින දෙක තුන අතරත් පැවැත්වෙන බවද හෙතෙම කීය.