එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා අද හෙටම නම් කිරීමට එජාප නායක රනිල් වික‍්‍රමසිංහ, නියෝජ්‍ය නායක සජිත් පේ‍්‍රමදාස සහ කථානායක කරු ජයසූරිය යන මහත්වරුන් අවසන් එකඟතාවකට පැමිණ ඇත.
කථානායක කරු ජයසූරිය මහතාගේ නිල නිවසේදී පෙරේදා (23) රාත‍්‍රි පැවැති සාකච්ඡුාවේදී අදාළ තීරණයට පැමිණ තිබේ.
ඒ අනුව මෙම සාකච්ඡුාව පෙරේදා රාත‍්‍රි 8.30 ට පමණ ආරම්භ වී පැය දෙකහමාරකට අධික කාලයක් පවත්වා ඇත.
මෙහිදී ඉදිරි ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් කරනු ලබන ජනාධිපති අපේක්ෂකයා කවුරුන්ද එය තෝරා පත්කර ගන්නා ආකාරය, ඉදිරිපත් වන අපේක්ෂකයින්, එජාප නායකත්වය, අගමැති ධුරය, පක්ෂයේ සමගිය ආරක්ෂා කර ගැනීම ඇතුළු කරුණු ගණනාවක් සම්බන්ධව සාකච්ඡුා වී තිබේ.
කෙසේ වෙතත් ඉදිරිපත් කෙරෙන අපේක්ෂකයා කව්රුන්ද යන වග සම්බන්ධව මෙහිදීත් අවසන් එකඟතාවකට පැමිණ නැත. එය හෙට (26) පැවැත්වෙන පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩල රැුස්වීමේදී තීරණය විය යුතු බවට සාකච්ඡුා වී ඇත.
ජනාධිපති අපේක්ෂකයා තේරීම සිදු කළ යුත්තේ කෘත්‍යාධිකාරි මණ්ඩලය මෙන්ම මන්ත‍්‍රී කණ්ඩායමේ ද කැමැත්ත ඇතිව යැයි සජිත් පේ‍්‍රමදාස මහතා මෙහිදී යෝජනා කර තිබේ. එහෙත් පක්‍ෂ ව්‍යවස්ථාව අනුව කෘත්‍යාධිකාරි මණ්ඩලය එම තීන්දුව ගත යුතු බව රනිල් වික‍්‍රමසිංහ මහතා කියා තිබේ.
මෙහිදී රනිල් වික‍්‍රමසිංහ මහතා ජනාධිපතිවරණයට ඉදිරිපත් වීම මැදිහත් අපේක්ෂකයකු ලෙස කරු ජයසූරිය මහතා ඉදිරිපත් කිරීම මෙන්ම සියලූ පාර්ශ්වයන්හි සහයෝගය මත සජිත් පේ‍්‍රමදාස මහතා ඉදිරිපත් කිරීම වශයෙන්ද සාකච්ඡුා වී තිබේ.
එජාප නායකත්වය තවත් වසර කිහිපයකින් සජිත් පේ‍්‍රමදාස මහතාට හිමිවන ආකාරය ඇතුළු කරුණු ගණනාවක්ම මෙහිදී සාකච්ඡුා වී ඇතැයි එජාප ජ්‍යෙෂ්ඨ ඇමැතිවරයෙක් ‘දිවයින’ට කීය.