එජාපයෙන් මන්ත්‍රිවරුන් පිරිසක් නිදහස් පක්‍ෂයට

එජාපයෙන් මන්ත්‍රිවරුන් පිරිසක් නිදහස් පක්‍ෂයට

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ උප සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද අමරවීර මහතා පවසන්නේ, එක්සත් ජාතික පක්ෂය මන්ත්‍රිවරුන් පිරිසක් ඉදිරි මහමැතිවරණයේදී අප පක්ෂයෙන් ඡන්දය ඉල්ලීමට නියමිත බවයි.

ඒ බව පැවසුවේ, ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ මූලස්ථානයේ අද (11) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.

තවද ඒ මහතා පැවසුවේ එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවේ දින 100 වැඩපිළිවෙලට සම්බන්ධයෙන් මෙන්ම පිරි නැමු අමාත්‍ය ධුර සම්බන්දයෙන් ද මහ බැංකුවේ බැදුම්කර සම්බන්දයෙන් පැන නැගී ඇති ගැටළු සම්බන්දයෙන් ඇති වු කලකිරීම මත ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට අදාළ මන්ත්‍රීවරු එක්වීමට සූදානමින් සිටින බවයි.

මහජන සාමය හා ක්‍රිස්තියානි කටයුතු පිළිබඳ අමාත්‍ය ජොන් අමරතුංග මහතාට එරෙහිව ගෙන එන විශ්වාස භංග යෝජනාවෙන් ආණ්ඩුව පැරදුණ ද, ඒ තුළින් අමරතුංග මහතාගේ අමාත්‍ය ධුර අහෝසි නොවන බවත්, එය ව්‍යවස්ථාවේම සදහන් කර ඇති බවත්, එම මාධ්‍ය හමුවේ දී අදහස් දක්වමින් විපක්ෂ නායක නිමල් සිරිපාල ද සිල්වා මහතා පැවසුවේය.

තවද අමාත්‍යවරයා හා ආණ්ඩුව බය ගැන්වීමට මෙම විශ්වාස භංග යෝජනාව ගෙන ආ බව ඔහු පැවසීය.

මන්ත්‍රිවරුන් 114 ක් අත්සන් කර ගෙන ආ විශ්වාස භංග යෝජනාව දින නියමක් නොමැති යෝජනාවක් වශයෙන් පාර්ලිමේන්තු න්‍යාය පුස්තකයට ඇතුලත් කර ඇත.

එසේම ආණ්ඩුවට කිසි විටකත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය බිය නොමැති බවත් දේශපාලනික වශයෙන් උපක්‍රම ශීලිව කටයුතු කළ යුතුව ඇතැයි ද විපක්ෂ නායකවරයා මෙහිදී සඳහන් කළේය.

කෙසේ නමුත් අද වන විට පොලිසිය එක්සත් ජාතික පක්ෂය විසින් පාලනය කරනු ලබන ආයතනයක් බවට පත් වී ඇති බව ද එයින් මුදවා ගැනීමට ජනාධිපතිතුමාට එම අමාත්‍ය ධුරය පවරා ගෙන කටයුතු කරන ලෙස ද විපක්‍ෂ නායකවරයා ඉල්ලීමක් කරන ලදි.

Share this: