එක රටක් තුළ ක‍්‍රියාත්මක විය හැක්කේ එක නීතියක් පමණක් බව ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණු ජනාධිපති ධුර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා පැවසීය. |
රාජපක්ෂ මේ බව පැවසුවේ, ශ‍්‍රී ලංකා පොදු ජන පෙරමුණු නීතිඥවරුන්ගේ සංගමයේ පළමු සම්මේලනය අමතමිනි.
එම සම්මේලනය එම පක්ෂයේ නායක, විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතාගේ සහ ජනාධිපතිධුර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප‍්‍රධානත්වයෙන් 31 වැනිදා කොළඹ කිංස්බරි හෝටලයේදී පැවැත්වුණි.
එහිදී ගෝඨාභය රාජපක්ෂ මහතා මෙසේද පැවසීය.
”නීතිය යන සංකල්පය ශිෂ්ටාචාරවත් සමාජයක අත්තිවාරම යැයි කිවතොත් එය නිවැරදියි.
නීතියේ අධිපත්‍ය හා ප‍්‍රජාතන්ත‍්‍රවාදය යන ඉතාමත් ස්වර්ණමය සංකල්පය ජනතාවගේ සුබ සිද්ධිය හා දියුණුව සඳහා අනිවාර්යයෙන්ම ආරක්ෂා කළ යුතු බව අපි කවුරුත් දන්නා කරුණක්.
ප‍්‍රජාතන්ත‍්‍රවාදය ආරක්ෂා කිරීම සඳහා යැයි පිහිටුවා ඇති ආයතනික ව්‍යුහය ජනතාවගේ පරමාධිපත්‍ය ආරක්ෂා කිරීම වෙනුවට දේශපාලන අවශ්‍යතා සඳහා යෙදවීමට තවදුරටත් ඉඩ නොදිය යුතුයි.
ඒ වෙනුවට ඒ ආයතනවලට සැබෑ ස්වාධීනත්වයක් ලබා දී ඒවා තවදුරටත් ශක්තිමත් කිරීම තුළින් ජනතාව සවිබල ගැන්වීමට නීතිඥයෙන්ගේ උපදෙස් හා සහාය බලාපොරෙත්තු වෙනවා.
එක රටක් තුළ ක‍්‍රියාත්මක විය හැක්කේ එක නීතියක් පමණයි.
නීතිය සැමට සමානව ක‍්‍රියාත්මක විය යුතුයි.
පුරවැසියා හැම විටම නීතිගරුක විය යුතුයි. නමුත් පුරවැසියා නීතිය ක‍්‍රියාත්මක කරන ආයතනවලට හා පුද්ගලයන්ට බයනම් එහි ගැටලූවක් තියෙනවා.
නීතිය ක‍්‍රියාත්මක කරන ආයතන හා පුද්ගලයන් නීතියට යටත්ය කියන කාරණය මතක තබා ගත යුතුයි.”