එක් දිනක් තුළ එකම ස්ථානයකින් වැඩිම සාම්පල ලබාගනී

එක් දිනක් තුළ එකම ස්ථානයකින් වැඩිම සාම්පල ලබාගනී

ඉකුත් දින කිහිපයේදී කොළඹ නගරයෙන් කොරෝනා රෝගීන් වාර්තා වීම වැඩිවීමත් සමග අහඹු ලෙස සිදුකරනු ලබන PCR පරීක්ෂණ වැඩි කිරීමට තීරණය කළ බව සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ සඳහන් කර සිටිනවා.

මේ සම්බන්ධයෙන් කොළඹ දිස්ත්‍රික් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිවරයා ඇතුළු ඔහුගේ කණ්ඩායම සමග විශේෂ සාකච්ජාවක් පැවැත්වූ බවත් ඒ අනුව කොළඹ නගරයේ පැල්පත්වාසි ජනතාව බහුල වශයෙන් සිටින ස්ථාන කේන්ද්‍ර කර ගනිමින් අහඹු ලෙස PCR පරීක්ෂණ සිදුකිරිමට කටයුතු යොදා ඇති බව සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල්වරයා සඳහන් කර සිටියා.

මේ අතර පිළියන්දල ප්‍රදේශයෙන් ඉකුත්දා සොයා ගත් කොරෝනා ආසාධිත මාළු ව්‍යාපාරිකයා ගැවසුණු පෑලියගොඩ මාළු වෙළදපලේ ව්‍යාපාරිකයින් ඇතුළු පුද්ගලයින් 530 දෙනෙකු ගෙන් PCR පරීක්ෂණ සදහා අද දිනයේ සාම්පල ලබාගත් බව සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල්වරයා සඳහන් කළා. දිනක් තුල එකම ස්ථානයකින් ගත් වැඩිම සාම්පල ප්‍රමාණය මෙය බව ඔහු කියා සිටියා.

එමෙන්ම ඊයේ දිනයේදී පන්නිපිටිය ප්‍රදේශයේ පුද්ගලික රෝහලක සෞඛ්‍ය කාර්ය මණ්ඩලයේ 62 දෙදෙනෙක් ගේ සිදුකළ PCR පරීක්ෂණ වාර්තා අද ලද බවත් ඔවුන්ට කොරෝනා ආසාධනය වී නොමැති බවට ඉන් තහවුරු බව සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල්වරයා කියා සිටියා.

Share this: