එක් ගැහැණු ළමයෙකු ඥාතින් වෙත භාරදෙ

එක් ගැහැණු ළමයෙකු ඥාතින් වෙත භාරදෙ

පසුගිය දිනක ළමා නිවාසයකින් පැන යාමට තැත් කිරීමේදී අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි ගැහැණු ළමුන් 05 දෙනාගෙන් සිව්දෙනෙකු ළමා නිවාසයක රැඳවීමට අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා නියෝග කර ඇත.

ඒ අනුව අනුරාධපුර පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබූ අදාළ ළමුන් පිරිස අද අධිකරණයට ඉදිරිපත් කෙරින.

තවද එහිදී එක් ගැහැණු ළමයෙකු ඇයගේ ඥාතින් වෙත භාරදීමට නියෝග කර ඇති අතර, ළමා නිවාසයක පරිවාස භාරයට පත් කළ ගැහැණු ළමුන් පිරිස අවුරුදු 15 සහ 17 වයස්වල පසුවන්නන් බව පොලිසිය පැවසුවේය.

Share this: