එක්ස් ප්‍රෙස් පර්ල් නෞකාවේ ගින්නෙන් ඇති වූ පාරිසරික හානිය වෙනුවෙන් ඩොලර් බිලියන 6.4කට ආසන්න වන්දියක් ඉල්ලා සිටීමේ අවස්ථාව අහිමි වීමේ අවදානමක් පවතින බව පාරිසරික යුක්තිය පිළිබඳ මධ්‍යස්ථානය අවධාරණය කරයි.
ඔවුන් චෝදනා කරන්නේ අදාළ බලධාරීන් අදාළ කරුණ සම්බන්ධයෙන් නිසි ක්‍රියාමාර්ගයක් නොගැනීම හේතුවෙන් මෙවැනි තත්ත්වයක් උද්ගත වූ බවයි.
X-press Pearl නෞකාව 2021 මැයි මාසයේදී මීගමුව නොගැඹුරු මුහුදේ පිපිරීමකින් විනාශ වූ අතර එමඟින් අවට වෙරළ තීරයට සහ පරිසර පද්ධතියට විශාල පාරිසරික හානියක් සිදු විය.
පරිසර හානියට අදාළ වන්දිය ඉල්ලා සිටීමට අදාළ බලධාරීන් නිසියාකාරව කටයුතු කර නොමැති බවට පරිසර යුක්ති කේන්ද්‍රය චෝදනා කරයි.
Share this: