එක්සත් රාජධානිය සිය නව මනාප සංවර්ධිත රටවල වෙළඳ යෝජනා ක්‍රමය සඳහා ශ්‍රී ලංකාව තෝරා ගනී!

එක්සත් රාජධානිය සිය නව මනාප සංවර්ධිත රටවල වෙළඳ යෝජනා ක්‍රමය සඳහා ශ්‍රී ලංකාව තෝරා ගනී!

එක්සත් රාජධානියේ නව සංවර්ධනය වෙමින් පවතින රටවල වෙළඳ යෝජනා ක්‍රමය (DCTS) පුළුල් පරාසයක කර්මාන්ත හරහා ශ්‍රී ලංකාවේ ව්‍යාපාර සඳහා එක්සත් රාජධානියේ වෙළඳපොළට ප්‍රවේශ වීමට පහසුකම් සපයන බව ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් සාරා හල්ටන් ප්‍රකාශ කළාය.

සාරා හල්ටන් ප්‍රකාශ කළේ, එක්සත් රාජධානිය සිය නව මනාප සංවර්ධිත රටවල වෙළඳ යෝජනා ක්‍රමයට (DCTS) ශ්‍රී ලංකාව තෝරාගෙන ඇත්තේ වෙළෙඳපොළ විභවයන් පිළිබඳ ගැඹුරු විශ්ලේෂණයක් සඳහා බවයි.

බ්‍රෙක්සිට්‌වෙන් පසු GSP+ යෝජනා ක්‍රමයේ අනුප්‍රාප්තිකයා වන DCTS ප්‍රවර්ධනය කිරීමේ සංසදයේ අගහරුවදා (14) පැවති උත්සවයකදී ඇය මේ බව අනාවරණය කළාය.

Share this: