සඳුදා (13) එක්සත් රාජධානියේ වෙස්ට්මිනිස්ටර් ඇබේ හි පැවති පොදුරාජ්‍ය මණ්ඩලීය දිනය 2023 සඳහා වූ සර්විස් ඔෆ් සෙලිබ්‍රේෂන් හි ශ්‍රී ලාංකික සම්භවයක් ඇති කලාකරුවන් දෙදෙනෙක් ගායනයක් ඉදිරිපත් කළහ.
‘හැමිල්ටන්’ වෙස්ටෙන්ඞ් නිෂ්පාදනයේ පෙගීගේ චරිතයට පණ පොවන රොෂානි ඇබේ සහ මෑතක දී ‘ලයිෆ් ඔෆ් පයි’ හි වෙස්ටෙන්ඞ් නිෂ්පාදනයේ ප‍්‍රධාන චරිතය නිරූපණය කළ නුවන් පෙරේරා මෙම ගායනය සිදු කරන ලදී.
ශ්‍රී ලාංකීය සම්භවයක් ඇති කලාකරුවන් දෙදෙනා බ්‍රිතාන්‍යය සහ ශ්‍රී ලංකාව අතර දිගුකාලීන සබඳතා සනිටුහන් කිරීමට සහ මේ වසරේ පෙබරවාරි මාසයේදී සනිටුහන් වූ ශ්‍රී ලංකාවේ 75 වැනි නිදහස් සංවත්සරයට ගෞරව දැක්වීම සඳහා වායෝ කණ්ඩායමේ ‘අනගතේ’ ගීතය ගායනා කළහ.
Share this: