එක්සත් ජාතීන්ගේ අපරාධ හා මත්ද්‍රව්‍ය නිවාරණ ආයතනයෙන් බන්ධනාගාර බුද්ධි අංශ නිලධාරීන්ට විශේෂ පුහුණුවක්…

එක්සත් ජාතීන්ගේ අපරාධ හා මත්ද්‍රව්‍ය නිවාරණ ආයතනයෙන් බන්ධනාගාර බුද්ධි අංශ නිලධාරීන්ට විශේෂ පුහුණුවක්…

දිවයිනේ බන්ධනාගාර පද්ධතිය තුල රැඳවියන් විසින් සිදු කෙරෙන නීති විරෝධි කටයුතු පාලනය කිරීම හා බන්ධනාගාරවල ආරක්ෂාව උපරිම ලෙස තහවුරු කිරීමට බන්ධනාගාර පද්ධතිය තුල බුද්ධි අංශ තොරතුරු ජාලය වඩාත් සැලසුම් සහගතව ක්‍රියාත්මක කිරීම සඳහා එක්සත් ජාතීන්ගේ අපරාධ හා මත්ද්‍රව්‍ය නිවාරණ ආයතනයේ සහයෝගය මත බන්ධනාගාර බුද්ධි අංශ නිලධාරීන්ට ජාත්‍යන්තර මට්ටමේ පුහුණුවක් ලබා දීමට අධිකරණ අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතාගේ උපදෙස් පරිදි විශේෂ වැඩ සටහනක් බන්ධනාගාර දෙපාර්තමේන්තුව විසින් ආරම්භ කර ඇතැයි අධිකරණ අමාත්‍යාංශය පවසයි.

එක්සත් ජාතීන්ගේ අපරාධ හා මත්ද්‍රව්‍ය නිවාරණ ආයතනයේ උපදේශකවරුන් දෙදෙනෙකු වන Jhon Villcos හා Liyanado Hoy Carrsco යන මහත්වරුන්ගේ උපදේශකත්වය මත මෙම පුහුණු වැඩ සටහන බන්ධනාගාර මූලස්ථානයේදී අධිකරණ අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (23) පැවැත්වූණි.

මෙහිදි අදහස් දැක්වු අධිකරන අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා.

අපේ රටේ බන්ධනාගාර පද්ධතිය උපරිම ආරක්ෂාවක් යටතේ පවත්වාගෙන යාම සඳහා බුද්ධි අංශ තොරතුරු ජාලය පුළුල් කළ යුතු වෙනවා. රටක අපරාධ වැළැක්වීම දඬුවම්දීමෙන් පමණක් සිදුකළ නොහැකියි. ඒ සඳහා අපරාධ වලට යොමුවන පිරිස් ඉන් ගලවා ගැනීම් සඳහා විධිමත් ක්‍රම වේදයන් ක්‍රියාත්මක කළ යුතුයි. බන්ධනාගාර තුළ පුනරුත්තාපනය වන රැඳවියන් සිරගෙය තුලදී යම් යම් අපරාධ වලට යොමුවන්නේ නම් එයින් රටේ අපරාධ සංස්කෘතියට බලපෑමක් වෙනවා. එවැනි ක්‍රියා වලින් රැඳවියන් ආරක්ෂා කර ගැනීමට මෙන්ම බන්ධනාගාර පද්ධතිය විධිමත්ව පවත්වාගෙන යෑමට බුද්ධි අංශ කටයුතු පුළුල් කළ යුතු වෙනවා. බන්ධනාගාර තුල ගෙන එන තහනම් ද්‍රව්‍ය සොයා ගැනීම සඳහා නවීන තාක්ෂණ පහසුකමි මෙන්ම බුද්ධි අංශවල දායකත්වයද ඉතා වැදගත් ඉදිරියේදී රටේ බන්ධනාගාර පද්ධතිය තුල පුළුල් වෙනසක් ඇති කිරීමට රජය බලාපොරොත්තු වන බව මෙහිදී ඇමතිවරයා පැවසීය. මෙම අවස්ථාවට අධිකරණ අමාත්‍යාංශ ලේකම් කමලිනී ද සිල්වා, බන්ධනාගාර කොමසාරිස් ජෙනරාල් එම්.බී.ආර්.පුෂ්පකුමාර, බන්ධනාගාර අධිකාරි උපුල්දෙණිය මහතා ඇතුළු පිරිසක් සහභාගී වුහ.

Share this: