ඌව මහඇමති චාමර සම්පත්ට විරෝධයක්

ඌව මහඇමති චාමර සම්පත්ට විරෝධයක්

ඌව පළාත් ප්‍රධාන අමාත්‍ය චාමර සම්පත් දසනායක මහතාට එරෙහිව අද උද්ඝෝෂණයක් පැවැත්වුණි.

එයට හේතුව වශයෙන් සදහන් වන්නේ, පස්සර ප්‍රාදේශීය සභාවේ හිටපු මන්ත්‍රීවරයෙකුට පහරදුන් බවට චෝදනාවයි.

ඒ අනුව අද පෙරවරුවේ ඌව පළාත් සභාව ඉදිරිපිට මෙම උද්ඝෝෂණය පැවත්වුනු අතර, ඌව පළාත් සභා එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රී තිස්ස කුට්ටිආරච්චි මහතා ඇතුළු එක්සත් ජාතික පක්ෂ පාක්ෂිකයින් පිරිසක් මෙම උද්ඝෝෂණයට සහබාගි වී ඇත.

ඒ අනුව ඔවුන් පවසන්නේ ඌව පළාත් ප්‍රධාන අමාත්‍යවරයා පසුගිය 20 වැනිදා පස්සර ප්‍රාදේශීය සභාවේ හිටපු මන්ත්‍රීවරයෙකු වන රුක්මන් ගාමිණි රාජපකෂ මහතාට පහරදුන් බවයි.

තවද අදාළ හිටපු මන්ත්‍රීවරයා මේ වන විට රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටින අතර සිද්ධිය සම්බන්ධයෙන් පස්සර පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

Share this: