උ.පෙළ සඳහා අයදුම්පත් කැඳවීම අද සිට

students 3_CI
2015 අගෝස්තු මස පැවැත්වීමට නියමිත අධ්‍යයන පොදු සහතිකපත්‍ර උසස් පෙළ විභාගයට පෙනී සිටීමට නියමිත පාසල් අයදුම්කරුවන් සහ බාහිර අයදුම්කරුවන් සඳහා අයදුම්පත් කැඳවීම අද (06) සිට සිදු කෙරෙන බව විභාග දෙපාර්තමේන්තුව පවසයි. මෙම අයදුම්පත් ලබන මාර්තු 06 දින දක්වා විභාග දෙපාර්තමේන්තුව වෙත යැවිය හැක. පාසල් අයදුම්කරුවන් තම පාසලේ විදුහල්පති මඟින් ද පෞද්ගලික අයදුම්කරුවන් එම අපේක්ෂකයන් විසින් ද තම අයදුම්පත් විභාග කොමසාරිස් ජනරාල්, තැ.පෙ. 1503, කොළඹ යන ලිපිනයට ලියාපදිංචි තැපෑලෙන් යැවිය යුතුයි. නියමිත දිනට පසුව ලැබෙන අයදුම්පත් ප්‍රතික්ෂේප කරන බව ද විභාග දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළේය.

Share this: