උ. පෙළ – ශිෂ්‍යත්ව විභාග නැවත සමීක්ෂණ ප්‍රතිඵල දෙසැම්බර් අවසානයේ

උ. පෙළ – ශිෂ්‍යත්ව විභාග නැවත සමීක්ෂණ ප්‍රතිඵල දෙසැම්බර් අවසානයේ

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ -2019 විභාගයේ ප්‍රතිඵල සහ 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ නැවත ප්‍රතිඵල මේ මාසය අවසානයේ නිකුත් කරන බව විභාග දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

උසස් පෙළ ප්‍රතිඵල සහ ශිෂ්‍යත්ව විභාගයේ නැවත සමීක්ෂණ ප්‍රතිඵල සකස් කරමින් තිබෙන බවද විභාග කොමසාරිස් ජනරාල් සනත් පූජිත මහතා ලංකාදීපයට පැවසීය.

මෙවර උසස් පෙළ විභාගය සඳහා අපේක්ෂකයෝ 337,704ක් පෙනීසිටියහ.

Share this: