උසාවි යන්න ආපු දෙන්නෙක්ව හික්කඩුවේදී වෙඩි තබා ඝාතනය කරයි! (Video)

උසාවි යන්න ආපු දෙන්නෙක්ව හික්කඩුවේදී වෙඩි තබා ඝාතනය කරයි! (Video)

හික්කඩුව තිරානගම හන්දියේ දි ඊයේ දිනයේ සිදු වූ වෙඩි තැබීමකින් දෙදෙනකු මියගොස් ඇතැයි පොලිසිය ප්‍රකාශ කරයි.

යතුරුපැදියකින් යමින් සිටි දෙදෙනෙකුට තවත් යතුරුපැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු විසින් මෙම වෙඩිතැබීම සිදුකර ඇති බව පොලීසිය පවසයි.

ඊයේ(31) උදෑසන 9.30ට පමණ අදාළ වෙඩිතැබීම සිදුව ඇත.

අධිකරණ කටයුත්තක් සඳහා යමින් සිටි පුද්ගලයන් දෙදෙනෙකුට මෙලෙස වෙඩිතැබීම සිදුකර ඇතැයි පොලීසිය පවසයි.

Share this: