උසාවිවලට බුද්ධි අංශයෙ සහය

උසාවිවලට බුද්ධි අංශයෙ සහය

බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසන්නේ, කොළඹ පිහිටි සෑම අධිකරණයකටම බුද්ධි අංශ නිලධාරින් යෙදවීමට පියවර ගන්නා බවයි.

ඒ අනුව එහි කොමසාරිස් ජනරාල් රෝහණ පුෂ්පකුමාර මහතා පැවසුවේ අධිකරණයේ සිදු වන නීතිවිරෝධි ක්‍රියා අවම කිරීමේ අරමුණින් මෙම පියවර ගන්න බවයි.

තවද අද දිනයේදී අලුත්කඩේ උසාවිය සඳහා බුද්ධි අංශ නිලධාරින් සිව්දෙනෙකු යෙද වූ බව පුෂ්පකුමාර මහතා පැවසුහ.

මිට අමතරව හෙට දිනයේ සිට කොටුව, මරියකන්ද, නුගේගොඩ සහ ගල්කිස්ස යන අධිකරණ සඳහා එම නිලධාරින් යෙදවීමට බලාපොරොත්තු වන බව බන්ධනාගාර කොමසාරිස් ජනරාල් රෝහණ පුෂ්කුමාර මහතා පැවසුවේය.

Share this: