උසස් පොලිස් නිලධාරීන් තමාව ඝාතනය කිරීමට උත්සාහ කළ බව වසන්ත මුදලිගේ හෙළිකරයි!

උසස් පොලිස් නිලධාරීන් තමාව ඝාතනය කිරීමට උත්සාහ කළ බව වසන්ත මුදලිගේ හෙළිකරයි!

අන්තර් විශ්වවිද්‍යාලීය ශිෂ්‍ය සංගමයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ මහතාට එරෙහිව ත‍්‍රස්තවාදය වැලැක්වීමේ පනත යටතේ ඇති චෝදනා සම්බන්ධයෙන් අභියාචනයක් ඉදිරිපත් කිරීමට පොලිසිය තීරණය කර තිබෙනවා.

ඒ අනුව කොළඹ ප්‍රධාන විනිසුරුවරයාගේ නියෝගයට එරෙහිව වත්මන් නීතියේ විධිවිධාන අනුව අභියාචනයක් ඉදිරිපත් කරන ලෙස පොලිස් මූලස්ථානය ඊයේ (02) නීතිපතිවරයාගෙන් ඉල්ලීමක් කළ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය නිවේදනය කළේය.

මේ අතර අන්තර් විද්‍යාලීය ශිෂ්‍ය සංගමයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ පැවසුවේ අත්අඩංගුවට ගැනීමෙන් පසු උසස් පොලිස් නිලධාරීන් කිහිප දෙනෙකු ක්‍රමානුකූලව ඔහු ඝාතනය කිරීමට උත්සාහ කළ බවයි.

ඊයේ (02) පස්වරුවේ කැඳවා තිබූ විශේෂ මාධ්‍ය හමුවක් මගින් ඔහු මේ බව අනාවරණය කළේය.

Share this: