2022 වසරේ උසස් පෙළ විභාගවලට අදාළ උපකාරක පන්ති, සම්මන්ත්‍රණ සහ වැඩමුළු පැවැත්වීම ලබන 17 වැනිදා මධ්‍යම රාත්‍රියේ සිට තහනම් බව විභාග දෙපාර්තමේන්තුව පවසයි.
විභාග කොමසාරිස් අමිත් ජයසුන්දර මහතා පැවසුවේ උසස් පෙළ විභාගය ජනවාරි 23 වැනිදා ආරම්භ වීමට නියමිත බව ය.
විභාග කොමසාරිස්වරයා පැවසුවේ, විභාග ආරම්භ වීමට පෙර දින පහකට විභාගවලට අදාළ උපකාරක පන්ති, සම්මන්ත්‍රණ සහ වැඩමුළු තහනම් කරන ලෙස අධ්‍යාපන අමාත්‍යවරයා නියෝග කර ඇති බවයි.
Share this: