උසස් පෙළ ප්‍රතිඵල දෙසැම්බර් අවසානයේ දී

උසස් පෙළ ප්‍රතිඵල දෙසැම්බර් අවසානයේ දී

දෙසැම්බර් මස අවසානයේ අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල ලබාදීමට කටයුතු කරන බව විභාග කොමසාරිස් ජනරාල් සනත් පූජිත මහතා කියා සිටියේය.

මේ අතර අද (26) මධ්‍යම රාත්‍රියේ සිට දෙසැම්බර් මස 12 වන දින දක්වා සාමාන්‍ය පෙළ විභාගයට අදාළව උපකාරක පන්ති, සම්මන්ත්‍රණ, වැඩමුළු සහ දේශන පැවැත්වීම තහනම් බව විභාග දෙපාර්තමේන්තුව නිවේදනය කළේය.

ඒ අනුව එම කාලය තුළ විභාගය සඳහා පෝස්ටර්, බැනර්, අත්පත්‍රිකා, මුද්‍රිත මාධ්‍ය මගින් ප්‍රසිද්ධ කිරීම සහ ඒවා ළඟ තබාගැනීම සම්පූර්ණයෙන් තහනම් කර තිබේ.

Share this: