උපුල් තරංගගේ ශතකය බටහිර ඉන්දීය කොදෙව් පිලට පරාජය ගෙනෙයි

උපුල් තරංගගේ ශතකය බටහිර ඉන්දීය කොදෙව් පිලට පරාජය ගෙනෙයි

බටහිර ඉන්දීය කොදෙව් ක්‍රිකට් කණ්ඩායම සමග අද පැවති පළමු පුහුණු තරගයෙන් කඩුලු දෙකක ජයක් වාර්තා කිරිමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන කණ්ඩායම සමත් වුවා.

මුලින් පන්දුවට පහරදුන් බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම පන්දු ඕවර 49.4කදි සියල්ලන් දැවී ලකුණු 282 ක් රැස් කර ගැනීමට සමත් විය.

එහිදී බටහිර ඉන්දීය කණ්ඩායම වෙනුවෙන් ඩැරන් බ්‍රාවෝ ලකුණු 100ක් රැස් කිරිමට සමත්විය.

ඩිල්ෂාන් මධුෂංක ලකුණු 47ට කඩුලු 03ක් සහ අසිත ප්‍රනාන්දු ලකුණු 17ට කඩුලු දෙකක් දවා ගැනීමට සමත් විය.

ලකුණු 283ක ඉලක්කයක් හඹා යාමට පැමිණි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන කණ්ඩායම පන්දු ඕවර 47.3ක දී කඩුලු 08ක් පමණක් දැවී ජයග්‍රහණය තමන් සතු කර ගනු ලැබුවා.

කලකට පසුව පිටියට පිවිසි නායක උපුල් තරංග පන්දු 124කදි ලකුණු 120 ක් රැස් කළ අතර අසේල ගුණරත්න පන්දු 75කදි ලකුණු 64ක් ලබා ගනිමින් ශ්‍රී ලංකා කණ්ඩායමට ජයග්‍රහණයේ මාවත් විවෘත කරනු ලැබුවා.

Share this: