උපාලි ධර්මදාසට අමතක වූ සැබෑ රාජ්‍ය නායකයා.

උපාලි ධර්මදාසට අමතක වූ සැබෑ රාජ්‍ය නායකයා.

නවලෝක සමූහ ව්‍යාපාර විසින් 59 වැනි වරටත් ඉදිකරනු ලබන නවලෝක වෙසක්‌ තොරණ මෙවරද වෙසක්‌ පුන් පොහෝ දින (03 වැනිදා) සිට දින හතක්‌ ප්‍රදර්ශනය කෙරේ. වෙසක්‌ පුන් පොහෝ දින සවස 5.00 ට මෙම තොරණ හිටපු ජනාධිපති මහින්ද රාජපකෂ මහතාගේ ප්‍රධානත්වයෙන් හා අාරාධිතයන් රැසකගේ සහභාගිත්වයෙන් උත්සවශ්‍රීයෙන් විවෘත කිරීමට නියමිතය.

නවලෝක සමූහ ව්‍යාපාරයේ අධිපති දේශමාන්‍ය එච්. කේ. ධර්මදාස මහතාග්‍ේ සංකල්පයකට අනුව සම්බුදු තෙමඟුල සැමරෙන සෑම වෙසක් පුන් පොහෝ දිනක්ම බැතියෙන් සිහි කරමින් වසරක් පාසා වසර 59ක් පෑලියගොඩ මංසන්ධියේ නවලෝක තොරණ ප්‍රදර්ශනය කෙරේ.

අතීතය්‍ේ සිට පැවත එන සිරිතක් ලෙස බොහෝ අවස්ථා වල නවලෝක තොරණ විවෘත කිරීමට අාරාධනා කරණු ලබන්නේ රාජ්‍ය නායකයා ප්‍රමුඛ එම ප්‍රද්‍ේශය නියෝජනය කරන අමාත්‍ය වරයා හා සෙසු පිරිසටය.

නමුත් මෙවර මේ සදහා අාරාධනා කර තිබෙන්නේ වත්මන් රාජ්‍ය නායකයාට නොව හිටපු ජනාධිපති මහින්ද රාජපකෂ මහතාට වීම මේ වන විට මිනිසුන් අතර කථාබහට ලක්වන කාරණාවක් වී තිබේ.

උපාලි ධර්මදාස මහතාගේ උවමනාව නිසා මෙය සිදු වී අැති බව තතු දන්නෝ පවසති. එයට හේතුව ලෙස ඔවුන් පෙන්වා දෙන්නන්‍ේ හිටපු ජනාධිපති මහින්ද රාජපකෂ මහතාගේ අාණ්ඩුව හා ඔහු සමඟ පැවති සම්බන්ධතාවයයී. එය හුදෙක් දේශපාලන සම්බන්ධයකට එහා ගිය ව්‍යාපාරික සම්බන්ධයක් බව ඔවුන් පෙන්වා දෙන්නේ එ් සදහා කාරණා කිහිපයක් ගෙන හැර පාමිණි.

දැනට උපාලි ධර්මදාස මහතා පවත්වාගෙන යනු ලබන එක්සත් අරාබි එමිල් රාජ්‍යයේ සිට තාර අානයනය කිරීමේ ව්‍යාපාරයට විශේෂ අනුමැතියකින් බලපත්‍රයක් ලබා දී තිබෙන්නේද පසුගිය මහින්ද රාජපකෂ මහතාගේ රජයෙන් බවත් මහින්ද රාජපකෂ මහතාගේ පරාජයෙන් පසුව පොලීසිය විසින් සොයාගත් ඒ මහතාට අයත් භාණ්ඩ කන්ටේනර් 02ක නවතා තිබී අැත්තේ පෑලියගොඩ පිහිටි උපාලි ධර්මදාස මහතාට අයත් භාණ්ඩ ගබඩාව තුල බවත් ඔවුන් පවසයි.

ඔවුන් වැඩි දුරටත් පෙන්වා දෙන්නේ උපාලි ධර්මදාස මහතා හිටපු ජනාධිපති තුමන් හා ඔහු වටා රොක් වී සිටින අනෙකුත් දේශපාලන අනාථයින් සමග එක වී වත්මන් අාණ්ඩුව විවෙචනය කරන බවත්, උපාලි ධර්මදාස මහතාට සැබෑ රාජ්‍ය නායකයා කවුදැයි අමතක වි අැති බවය.

Share this: