උතුරේ බිම් බෝම්බ ඉවත් කිරීම ඇනහිටී

උතුරේ බිම් බෝම්බ ඉවත් කිරීම ඇනහිටී

ශ්‍රී ලංකාවේ බිම් බෝම්බ විශේෂඥයෝ ප්‍රකාශ කරන අන්දමට, උතුරු නැගෙනහිර ප්‍රදේශවල බිම් බෝම්බ ඉවත් කිරීමේ ජාත්‍යන්තර සංවිධානවලට ලැබෙන මුදල් ප්‍රතිපාදන අධික ලෙස කප්පාදුවට ලක්වීමත් සමගම එම පලාත්වල බිම් බෝම්බ ඉවත් කිරීමේ කටයුතු මන්දගාමී තත්ත්වයකට පත්ව ඇතැයි යනුවෙනි .

තවද, බීබීසී සිංහල සේවය වාර්තා කරන්නේ, හෙලෝ ට්‍රස්ට් නැමති ජාත්‍යන්තර සංවිධානය ඔවුන්ගේ සේවකයින් 400 කට ආසන්න ප්‍රමාණයක් සේවයෙන් ඉවත් කිරීමත් සමගම බිම් බෝම්බ ඉවත් කිරීමේ කටයුතු සම්බන්ධයෙන් දැඩි අර්බුධකාරී තත්ත්වයක් හටගෙන ඇතැයි යන්නය.

ශ්‍රී ලංකාව මේ වන විට ඉහල ආර්ථික සංවර්ධනයක් ලබා තිබීම මෙසේ විදේශීය මුදල් ප්‍රතිපාදන අඩුවීම කෙරෙහි බෙහෙවින්ම බලපා ඇති බව ශ්‍රී ලංකාවේ බිම්බෝම්බ පිළිබද පර්යේෂකයෙකු වන විද්‍යා අබේගුණවර්ධන මහතා කියාසිටියේය.

එමෙන්ම ශ්‍රී ලංකාවේ සරණාගතයින් ඉතා ඉක්මනින්ම යළි පදිංචි කරවීම නිසා ශ්‍රී ලංකාවට තවදුරටත් කඩිනම් මානුෂීය ආධාර අවශ්‍ය නොවන බවට එම රටවල් විශ්වාශ කොට ඇතැයිද ඔහු පෙන්වා දී තිබේ.

කෙසේ වෙතත් ශ්‍රී ලංකාවෙන් සහමුලින්ම බිම් බෝම්බ ඉවත් කිරීමේ වර්ෂය ලෙස 2020 වර්ෂය නම්කොට තිබුණද වර්තමාන තත්ත්වය දෙස බලන විට එම සිහිනය සැබෑ කරගැනීමට නොහැකි ආකාරයක් පෙන්නුම් කරන්නේ බිම්බෝම්බ ඉවත් කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව ගත වූ වසර කීපය ඇතුළත ලබා ඇති මන්දගාමී ස්වරූපය යැයිද විද්‍යා අබේගුණවර්ධන මහතා සඳහන් කර ඇත.

Share this: