උතුරු දුම්රිය මාර්ගයේ මෙහෙයුම් ජූලි මාසයේදී

උතුරු දුම්රිය මාර්ගයේ මෙහෙයුම් ජූලි මාසයේදී

උතුරු දුම්රිය මාර්ගයේ කොළඹ සිට කන්කසන්තුරය දක්වා දුම්රිය ධාවන කටයුතු ජූලි 15 වැනිදා යළි ආරම්භ කිරීමට නියමිත බව වාර්තා වේ.

දුම්රිය මාර්ගවල යම් යම් ප්‍රතිසංස්කරණ කටයුතු හේතුවෙන් උතුරු මාර්ගයේ දුම්රිය ධාවනය වන්නේ අනුරාධපුරය දක්වා පමණි.

අනුරාධපුර සිට වව්නියාව දක්වා දුම්රිය මාර්ගයේ ප්‍රතිසංස්කරණ කටයුතු ලබන මාසය වනවිට අවසන් කිරීමට සැලසුම් කර තිබෙනවා.

ඒ අනුව ජුලි මස වන විට කොළඹ සිට කන්කසන්තුරය දක්වා දුම්රිය ධාවනය ආරම්භ කිරීමට හැකිවනු ඇති බව මහෝ – ඕමන්ත දුම්රිය ව්‍යාපෘතියේ අධ්‍යක්ෂ අශෝක මුණසිංහ මහතා පැවසීය.

Share this: