ඊයේ (අප්‍රේල් 04) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි සිංහල සහ දෙමළ අලුත් අවුරුදු උත්සව සමය සඳහා QR කේත ක්‍රමය යටතේ පවතින ඉන්ධන කෝටාව ඉහළ නංවා ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය (PMD) නිවේදනය කරයි.
උත්සව සමයේ වැඩිවන ඉන්ධන අවශ්‍යතාවයට අනුව කලින් සැලසුම් කළ පරිදි, ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව (CPC) විසින් අවශ්‍ය ඉන්ධන තොග ඇණවුම් කර ලබාගෙන ඇති බව PMD වාර්තා කරයි.
ඒ අනුව ත්‍රිරෝද කෝටාව ලීටර් 5 සිට ලීටර් 8 දක්වාත්, යතුරුපැදි ලීටර් 4 සිට ලීටර් 7 දක්වාත්,
බස් රථ ලීටර් 40 සිට 60 දක්වාත්,
මෝටර් රථ ලීටර් 20 සිට 30 දක්වාත්,
ගොඩබිම් වාහන ලීටර් 15 සිට 25 දක්වාත් වැඩි කිරීමට යෝජනා වී තිබෙනවා.
ලීටර් 50 සිට ලීටර් 75 දක්වා ලොරි,
ලීටර් 4 සිට ලීටර් 6 දක්වා කුඩා මෝටර් රථ,
ලීටර් 20 සිට ලීටර් 30 දක්වා විශේෂ කාර්ය වාහන සහ ලීටර් 20 සිට ලීටර් 30 දක්වා වෑන් රථ.
Share this: