උත්සව සමයට දුම්රිය ගමන් වාර වැඩි කරයි!

උත්සව සමයට දුම්රිය ගමන් වාර වැඩි කරයි!

දුම්රිය නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (ගමනාගමන) ඒ. ඩී. ජී සෙනෙවිරත්න මහතා පවසන්නේ නත්තල් උත්සව සමය වෙනුවෙන් විශේෂ දුම්රිය 08ක් ධාවනයට එක්කෙරෙන බවයි.

එම විශේෂ දුම්රිය අද සිට ක්‍රියාත්මක කරන බවද ඔහු පැවසීය.

කොළඹ කොටුවේ සිට බදුල්ල දක්වා නව විශේෂ දුම්රිය 3ක් එක් කළ බවත් බදුල්ලේ සිට කොළඹ කොටුව දක්වා විශේෂ දුම්රිය 3ක් එක් කළ බවත් දුම්රිය නියෝජ්‍ය සාමාන්‍යාධිකාරීවරයා සඳහන් කළේය.

මීට සමගාමීව කොළඹ කොටුව කන්කසන්තුරය දක්වා විශේෂ දුම්රියක් සහ කන්කසන්තුරයේ සිට කොළඹ කොටුව දක්වා විශේෂ දුම්රියක් එක් කිරීමට නියමිතයි.

Share this: