ඊයේ දිනයේදී කිසිදු කොරෝනා අසාදිතයකු වාර්තා වී නැහැ – තවම 106යි

ඊයේ දිනයේදී කිසිදු කොරෝනා අසාදිතයකු වාර්තා වී නැහැ – තවම 106යි

ඊයේ දිනයේදී (27) රාත්‍රී 10.00 වන තුරුත් ශ්‍රි ලංකාවෙන් කිසිදු නව කොවිඩ් 19 අසාදිතයෙකු හමු නොවූ බව වසංගත රෝග විද්‍යා අංශය පවසයි.

ඊයේ (27) දිනය තුළ දිවයිනෙන් වාර්තා වී තිබු මුළු කොරෝනා වයිරස් ආසාදිතයින්ගේ සංඛ්‍යාව 106 දෙනෙකු වූ අතර එම වයිරසය ශරීරගත වී ඇති බවට සැක කෙරෙන රෝගීන් 238 දෙනෙකු රජයේ රෝහල් 22ක ඔවුන් වෙනුවෙන් වෙන් කරනු ලැබූ ඒකකවල ප්‍රතිකාර ලබමින් සිටි බව වසංගත රෝග විද්‍යා අංශය පවසයි . .මෙම සැක කටයුතු රෝගීන්ගෙන් 231 දෙනෙකු ශ්‍රී ලාංකිකයින් වන අතර 07 දෙනෙකු විදේශිකයෝ වෙති.

Share this: