“ඊද් උත්සවය” නිමිත්තෙන් සියලුම මුස්ලිම් පල්ලිවලට දැඩි ආරක්ෂාවක්

“ඊද් උත්සවය” නිමිත්තෙන් සියලුම මුස්ලිම් පල්ලිවලට දැඩි ආරක්ෂාවක්

ඊද් අල්-ෆිතර් උත්සවයට පෙර දින සිට ආගමික වතාවත් පැවැත්වීමට නියමිත සියලුම මුස්ලිම් පල්ලිවල ආරක්ෂාව වැඩි කිරීමට ශ්‍රී ලංකා පොලිසිය අවශ්‍ය සියලු පියවර ගෙන ඇත.

මේ සම්බන්ධයෙන් මාධ්‍ය වෙත අදහස් දැක්වූ පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව පැහැදිලි කළේ රාමසාන් උත්සවය නිමිත්තෙන් ආගමික වතාවත් පැවැත්වෙන සියලුම මුස්ලිම් පල්ලිවල ආරක්ෂාව තහවුරු කරන ලෙස පොලිස්පතිවරයා විසින් සියලුම පළාත් ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන්ට නියෝගයක් නිකුත් කළ බවයි.

Share this: