ඊජිප්තු රහසක් සෝයා ගනී

ඊජිප්තු රහසක් සෝයා ගනී

greeck

මෙම චිත්‍රය ඊජිප්තුවෙන් සොයා ගත්තකි. මෙහි ඇති අභිරහසක් සොයා ගැනීමට දැන් සමත් වී ඇත. එනම් විශාල බරක් කෙසේද ඇදගෙන යන්නේ සහ මෙම‍ චිත්‍රයේ එක් සේවකයෙක් බිමට වැලි දමන අතර තව සේවකයෙක් වතුර දමයි. ටොන් 2.5ක් පමණ බර ගල් වැලි කතරේ කිසිඳු නූතන ක්‍රමවේදයක් නොමැතිව එහා මෙහා ඇදගෙන ගෙනයාම එතරම් ලේසි පහසු කටයුත්තක් නොවන බව ඔබ දන්නවා.

නවතම පර්යේෂණයකින් සොයාගෙන තිබෙන්නේ වැලි වලට වතුර ස්වල්පයක් එක කිරීමෙන් ලිස්සා යාමේදී ඇති වන ඝර්ෂණ බලය අඩුවන බවයි. මෙමගින් ඔවුනට අවශ්‍ය පිරිස් බලය විශාල ලෙස අඩුකරගැනීමට හැකිවනු ඇත.

වතුර දමා වැලි එකිනෙකට ඇලීමට සලස්වා මාලිගයේ හැඩය රඳා පවත්වා ගන්නවා. ඒවගේම වැලි මත ප්‍රවාහනය කරන්නෙත් ඒ ආකාරයෙන්ම. නියමිත ප්‍රමාණයට ජලය එක් කිරීමෙන් වැලි ඇට එකට ඇලේ.

මේ පිළිබඳව ඇම්ස්ටර්ඩෑම් විශ්වවිද්‍යාලයේ ඩැනියෙල් බොන් විසින් මගපෙන්වූ අන්තර්ජාතික කණ්ඩායමක් පර්යේෂණයක් පැවැත්වූවා. එහිදී ඔවුන් සිදු කලේ බර පැටවූ තැටියක් තෙත් සහ වියලි වැලි සහිත මතුපිටකින් ඇදගෙන යාමයි.

මෙහිදී ඔවුනට දැකගැනීමට හැකිවූයේ වියලි වැලි සහිත මතුපිට මත තැටිය ඉදිරියේ වැලි ගොඩගැසී ගමනට බාධා එල්ල කරන බවයි. ඒවගේම තෙත් වැලි මතුපිට මත තැටිය ඇදගෙන යන විට වැලි ගොඩගැසෙන ගතිය අවම වන (හෝ එසේ එකතු නොවන අතර ඇදීමට අවශ්‍ය කරන බලයත් අවම බවයි.

සටහන සී. එදිර්මන්න

Share this: