ඊජිප්තුවේ කයිරෝ නුවර පැසිපන්දු තරගයක් අතරතුර ක්‍රීඩාංගනයක ප්‍රේක්ෂකාගාරය කඩා වැටීමෙන් පුද්ගලයන් 27 දෙනෙකු පමණ තුවාල ලබා තිබේ.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ, ඊජිප්තු සෞඛ්‍ය අමාත්‍යාංශය නිල නිවේදනයක් මගින් අනතුර සම්බන්ධයෙන් අදාළ තොරතුරු නිකුත් කර ඇති බවයි.
ඊජිප්තු සෞඛ්‍ය අමාත්‍යාංශය පැවසුවේ තුවාල ලැබූ බොහෝ දෙනෙකුගේ අස්ථි බිඳී ඇති බවයි.
ක්‍රීඩාව අතරතුර ප්‍රේක්ෂකාගාරය කඩා වැටීමේ අවදානම පිළිබඳව සොයා බැලීම සඳහා එරට තරුණ හා ක්‍රීඩා අමාත්‍ය අෂ්රෆ් සෝබි විශේෂ කමිටුවක් ද පත් කළ බවයි විදෙස් වාර්තා වැඩිදුරටත් සඳහන් කළේ.
Share this: