ඉහළ පොලිස් නිලධාරීන් ගේ පුටු මාරුවෙයි

ඉහළ පොලිස් නිලධාරීන් ගේ පුටු මාරුවෙයි

වහාම ක්‍රියාත්මක වන පරිදි ඉහළ පොලිස් නිලධාරීන් පිරිසකට ස්ථාන මාරුවීම් ලබාදීමට කටයුතු යොදා තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පැවසුවේය, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරුන් තිදෙනෙකු, පොලිස් අධිකාරීවරුන් තිදෙනෙකු, සහකාර පොලිස් අධිකාරීවරුන් 21 දෙනෙකු සහ පොලිස් ස්ථානාධිපතිවරුන් හත්දෙනෙකුට ස්ථාන මාරුවීම් ලබාදී ඇති බවයි.

මේ අනුව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ජේ.ටී. ප්‍රියලාල් මහතා කෑගල්ල කොට්ඨාසයේ සිට ඇල්පිටිය කොට්ඨාසය වෙත මාරුකර යවා තිබේ.

පානදුර කොට්ඨාසයේ කටයුතු කළ පොලිස් අධිකාරී කේ. කඩුපිටිය මහතා අධිවේගී මාර්ග කොට්ඨාසයේ අධ්‍යක්ෂ ලෙසත්, හැටන් කොට්ඨාසය බාරව කටයුතු කළ පොලිස් අධිකාරී එස්.බී. රත්නායක මහතා කොළඹ දකුණ කොට්ඨාසය වෙතත් මාරු කර යවා තිබේ.

තවද තංගල්ල කොට්ඨාසය බාරව කටයුතු කළ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී සිසිර කුමාර මහතා මොණරාගල කොට්ඨාසය වෙතත්, කැලණිය කොට්ඨාසය භාරව කටයුතු කළ සී.ඊ. වෙදසිංහ මහතා උතුරු පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිගේ පෞද්ගලික සහකාර ලෙසත් මාරු කර යවා ඇත.
පොලිස් අධිකාරී එස්.කේ. යටවර මහතා ගොඩනැගිලි කොට්ඨාසයේ සිට හැටන් කොට්ඨාසය වෙත මාරුකර යවා ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පැවසුවේය.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය වැඩිදුරටත් සඳහන් කළේය, මහජන සාමය, ආපදා කළමනාකරණය සහ ක්‍රිස්තියානු කටයුතු පිළිබඳ අමාත්‍යාංශ ලේකම්වරයාගේ නියෝග මත මෙම ස්ථාන මාරුවීම් ලබාදී ඇති බවයි.

Share this: