ඉරානය පරදා එංගලන්තයට සුපිරි ජයක්!

ඉරානය පරදා එංගලන්තයට සුපිරි ජයක්!

ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ ඊයේ(21) පැවති තරගයෙන් ඉරානයට එරෙහිව ගෝල 2ට 6ක් ලෙස විශිෂ්ට ජයක් හිමිකරගැනීමට එංගලන්තය සමත්විය.

එහිදී එංගලන්තය වෙනුවෙන් bukayo saka ගෝල 2ක් ලබාගැනීමට සමත්විය. තරගයේ 43 වන සහ 62වන මිනිත්තුවේදී ඔහු එලෙස ගෝල ලබාගත්තේය.

Jude Bellingham තරගයේ 35 මිනිත්තුවේදී එංගලන්තය වෙනුවෙන් ප්‍රථම ගෝලය වාර්තාකළේය.

Raheem Sterlin තරගයේ පළමු අර්ධය අවසානයේ එංගලන්ත කණ්ඩායම වෙනුවෙන් ගෝලයක් වාර්තා කළේය.

Mehdi Taremi තරගයේ 65 වන මිනිත්තුවේදී ඉරානය වෙනුවෙන් ප්‍රථම ගෝලය වාර්තා කිරීමට සමත් විය.

71 වන මිනිත්තුවේදී Marcus Rashford සහ තරගයේ 89 වන මිනිත්තුවේදී Jack Grealish විසින් එංගලන්තය වෙනුවෙන් තවත් ගෝල දෙකක් වාර්තා කිරීමට සමත්විය.

Mehdi Taremi ඉරානය වෙනුවෙන් අමතර කාලයේදී දඬුවම් පහරක් මගින් තවත් ගෝලයක් වාර්තා කිරීමට සමත්විය.

Share this: