ඉරානයේ නියෝජ්‍ය සෞඛ්‍ය අමාත්‍යවරයාට කොරෝනා

ඉරානයේ නියෝජ්‍ය සෞඛ්‍ය අමාත්‍යවරයාට කොරෝනා

ඉරානයේ නියෝජ්‍ය සෞඛ්‍ය අමාත්‍යවරයාට කෝවීඩ් 19 හෙවත් කොරෝනා වෛරසය වැලදී ඇති බවට තහවුරු වී තිබෙනවා.

මේ වන විට ඉරානයේ කොරෝනා වෛරසය හේතුවෙන් මරණ 15ක් වාර්තා වන අතර වෛරසය පාලනය කිරිමට නොහැකි තත්ත්වයක් ඇතිව තිබෙන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර සිටියේ.

තෙහ්රාන් අගනුවර පැවැති මාධ්‍ය හමුවකදී නියෝජ්‍ය අමාත්‍ය ඉරාජ් හරිර්චි කහිමින් දහඩිය දමමින් සිටින දක්නට ලැබුණු අතර ඒ ආසන්නයේ ඉරාන රජයේ ප්‍රකාශක අලි රබෙයි ද විය.

ඉරාන කොරෝනා වයිරසය හේතුවෙන් මියගිය සහ ආසාදනයවූවන් පිළිබඳ තොරතුරු සඟවන්නේ යැයි ද එම මන්ත්‍රීවරයා චෝදනා කළේය.

එම මන්ත්‍රීවරයා කරන ලද ප්‍රකාශවලට පිළිතුරු දීමා සඳහා නියෝජ්‍ය අමාත්‍යවරයා සහ රජයේ ප්‍රකාශ එලෙස තෙහ්රාන් අගනුවරදී ඊයේ (24) එම මාධ්‍ය හමුව පැවැත්වූහ.

Share this: