ඉම්රාන් ඛාන් අත්අඩංගුවට ගැනීමට පොලිසිය පැමිණීමත් සමඟ නොසන්සුන්කාරී තත්ත්වයක්!

ඉම්රාන් ඛාන් අත්අඩංගුවට ගැනීමට පොලිසිය පැමිණීමත් සමඟ නොසන්සුන්කාරී තත්ත්වයක්!

ඉස්ලාමාබාද්, පකිස්ථානය – නැගෙනහිර ලාහෝර් නගරයේදී හිටපු අගමැති ඉම්රාන් ඛාන් අත්අඩංගුවට ගැනීමට පෙර පාකිස්තාන පොලිසිය සහ ඔහුගේ ආධාරකරුවන් අතර ගැටුම් හටගෙන තිබේ.

ඛාන්ගේ පාකිස්තාන තහ්‍රීක්-ඊ-ඉන්සාෆ් (පීටීඅයි) පක්ෂයේ සාමාජිකයින් සහ ආධාරකරුවන් සිය ගනනක් ඔහුගේ සමාන් පාර්ක් නිවසින් පිටත රැස්ව සිටියදී පොලිසිය කඳුළු ගෑස් සහ ජල ප්‍රහාර එල්ල කළේය.

සන්නද්ධ වාහනයක් ද කැටුව පොලිසිය ඛාන් ගේ නිවසට ළඟා වන අයුරු රූපවාහිනී ඡායාරූපවලින් පෙන්නුම් කෙරිණි. ඛාන්ගේ ආධාරකරුවන් පොලිසියට ගල්මුල් ප්‍රහාර එල්ල කරන අයුරුද දක්නට ලැබිණි.

Share this: