ඉන්ධන වෙළෙඳ පොළට විදේශීය ආයතන තුනක්!

ඉන්ධන වෙළෙඳ පොළට විදේශීය ආයතන තුනක්!

විදේශීය ආයතන තුනක් ශ්‍රී ලංකාවේ ඉන්ධන සිල්ලර වෙළෙඳ පොළට ඇතුළුවීම සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබී ඇති බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර සඳුදා (27) නිවේදනය කළේය.

චීනයේ Sinopec, United Petroleum of Australia සහ USA RM Parks යන සමාගම්වලට Shell Plc සමඟ එක්ව ශ්‍රී ලංකාවේ ඉන්ධන සිල්ලර වෙළඳපොළට ඇතුළුවීම සඳහා බලපත්‍ර ප්‍රදානය කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමි වූ බව අමාත්‍ය කාංචන විජේසේකර ට්විටර් පණිවුඩයක් මගින් ප්‍රකාශ කළේය.

Share this: