අප්‍රේල් 30 වැනිදා මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල අඩු කළ බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව (සිපෙට්කෝ) නිවේදනය කළේය.
ඒ අනුව ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක් රු. 7 කින්, ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක් රු. 10, ඔටෝ ඩීසල් රු. 15 කින් සහ සුපර් ඩීසල් රු. ලීටරයකට 135 කින් පහත දමා තිබේ..
මේ අතර භූමිතෙල් මිල නොවෙනස්ව පවතින බව ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පවසයි.
නව මිල ගණන් පහත පරිදි වේ;
ඔක්ටේන් 92 පෙට්‍රල් – රු. 333
ඔක්ටේන් 95 පෙට්‍රල් – රු. 365
ඔටෝ ඩීසල් – රු. 310
සුපිරි ඩීසල් – රු. 330
Share this: