දිවයිනේ සියලුම පිරවුම්හල් වෙත ඉන්ධන බෙදා හැරීම සාමාන්‍ය පරිදි කිසිදු බාධාවකින් තොරව සිදුවන බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පවසයි.
ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් ඛනිජ තෙල් සේවකයින් පසුගියදා ආරම්භ කළ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය හේතුවෙන් ඉන්ධන බෙදා හැරීමේ ක්‍රියාවලිය පසුබෑමකට ලක්වුණි.
කෙසේ වෙතත්, ඉන්ධන බෙදා හැරීම සාමාන්‍ය තත්ත්වයට පත් කිරීමට රජය දැඩි ක්‍රියාමාර්ග ගත් අතර, එම ක්‍රියාවලිය සුමටව පවත්වාගෙන යාමට ආරක්ෂක අංශ නිලධාරීන් යොදවා වෘත්තීය සමිති කිහිප දෙනෙකු අනිවාර්ය නිවාඩු යවා ඇත.
Share this: