ඉන්ධන කෝටාව වැඩි වෙයි?

ඉන්ධන කෝටාව වැඩි වෙයි?

ඇගැයීමකින් අනතුරුව ලබන මාසයේදී ඉන්ධන කෝටාව තවත් වැඩි කිරීමට ඉඩ ඇති බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර මහතා අනාවරණය කරයි.

අමාත්‍යවරයා ට්විටර් ගිණුමේ සටහනක් තබමින් කියා සිටියේ ඉදිරි මාස හය සඳහා ඉන්ධන භාණ්ඩ ප්‍රවාහන සැලසුම් සහ සැපයුම ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව (CPC) විසින් ජුලි 20 වැනිදා පෙරවරුවේ පැවති රැස්වීමකදී සමාලෝචනය කළ බවයි.

ඒ අනුව, ඉන්ධන ආනයන සැලසුම්, පිරිපහදු මෙහෙයුම්, පිරිපහදු වැඩිදියුණු කිරීමේ යෝජනා, QR කෝටා ගබඩා ධාරිතාව, තොග ස්වයංක්‍රීයකරණය, බෙදා හැරීම සහ ඉන්ධන පිරවුම්හල් සමඟ ඇතිකරගත් ගිවිසුම් පිළිබඳව එම රැස්වීමේදී සාකච්ඡා කෙරිණි.

මේ අනුව, අදාළ ඇගයීම් අවසන් වූ පසු අගෝස්තු මාසයේදී දැනට පවතින ඉන්ධන කෝටාව වැඩි කිරීමට තීරණය විය.

Share this: