ඉන්ධන කෝටාව වැඩි කිරීම මේ සතියෙත්

ඉන්ධන කෝටාව වැඩි කිරීම මේ සතියෙත්

උත්සව සමය නිමිත්තෙන් ඉහළ දැමූ ඉන්ධන කෝටාව මේ සතිය පුරාමත් ක්‍රියාත්මක වන බව විදුලිබල හා බලශක්ති රාජ්‍ය අමාත්‍ය D. V. චානක තහවුරු කරයි.

ඒ අනුව සංශෝධිත ඉන්ධන කෝටාව මෙම සතියේදීත් ක්‍රියාත්මක වන බව රාජ්‍ය අමාත්‍යවරයා පැවසීය.

ත්‍රිරෝද රථ සඳහා වන කෝටාව ලීටර් 5 සිට ලීටර් 8 දක්වාත්, යතුරුපැදි ලීටර් 4 සිට ලීටර් 7 දක්වාත්,
බස් රථ ලීටර් 40 සිට ලීටර් 60 දක්වාත්,
මෝටර් රථ සඳහා වන කෝටාව සිංහල සහ දෙමළ අලුත් අවුරුද්ද නිමිත්තෙන් අප්‍රේල් 04 වන දින සංශෝධනය කරන ලදී.

ලීටර් 20 සිට ලීටර් 30 දක්වා,
ලොරි ලීටර් 50 සිට ලීටර් 75 දක්වා,
විශේෂ කාර්ය වාහන ලීටර් 20 සිට ලීටර් 30 දක්වා සහ වෑන් ලීටර් 20 සිට 30 දක්වා වැඩි කර ඇත.

Share this: