ඉන්දු ලංකා ධීවර ගැටළුවට විසදුම් ඉතා ඉක්මනින්

ඉන්දු ලංකා ධීවර ගැටළුවට විසදුම් ඉතා ඉක්මනින්

ඉන්දියාවේ ශ්‍රී ලංකා තානාපති මහාචාර්ය සුදර්ශන් සෙනෙවිරත්න මහතා පවසන්නේ, ඉන්දු ලංකා ධිවර ගැටළුව සදහා නිවැරදි විසදුමක් ලබා දීමට මේ වන විට කටයුතු කරමින් සිටින බවයි.

තවදුරටත් ඒ මහතා පවසන්නේ මෙම ගැටළුව සදහා ඉන්දීය සාගරයේ පිහිටම මෙන්ම, රටවල් දෙක අතර පවතින භූගෝලීය සාධක, දෙරටෙහි පවතින ස්වෙරිභාවය හා ජාතික ආරක්ෂාව යන කරුණු සැලකිය යුතු බවයි.

තවද, ද හින්දු පුවත් පත වාර්තා කර තිබෙන්නේ මහාචාර්ය සුදර්ශන් සෙනෙවිරත්න මහතා කේරල ප්‍රාන්තයේ දින 04 ක සංචාරයේදී මෙම කරුණු ප්‍රකාශ කර ඇති බවයි.

එම සංචාරයේදී, සංචාරක ඇතුළු විවිධ අංශ මත කේරල හා ශ්‍රී ලංකාව අතර පවතින සබඳතා ශක්තිමත් කිරීම සම්බන්ධයෙන් ද අදහස් හුවමාරු වී ඇත.

ඒ අනුව පවතින ඉන්දු-ලංකා ධීවර ගැටලුවට, මානුෂිය හා දෙරටෙහි පවතින ආර්ථික, සහ සමාජ කරුණු අනුව විසදුමක් ලබා දීම වඩා නිවැරදි බව මහාචාර්යවරයා අවධාරණය කර ඇත.

එසේම මහාචාර්ය සුදර්ශන් සෙනෙවිරත්න මහතා අවධාරණය කර ඇත්තේ , පාරිසරික පද්ධති හානි කරන සහ අනවසරව භාවිත කරන ට්‍රොල යාත්‍රා මගින් ධිවර කටයුතු සිදු නොකිරීමට දෙරටෙහිම ධිවරයි කටයුතු කළ යුතු බවයි.

තවද එමගින් සිදුවන්නේ ධිවර කර්මාන්තය විනාශ වී යාමෙන් දුප්පත් ධීවරයන් පීඩාවට පත් විම බව ඔහු පැහැදිලි කර ඇති අතර, දෙරට අතර හුවමාරුවන මත්ද්‍රව්‍ය ඡාවාරම් සම්බන්ධයෙන් ද අවධානය යොමු කල යුතු බව හෙතෙම අවධාරණය කළේය.

ඉන්දු ලංකා සබඳතාව වසර 100 කට වඩා පැරණි බැව්න්, දෙරටේ ගැටළු විසදීමට වෙනත් පාර්ශවයකගේ උපදෙස් අවශ්‍ය නොවනු ඇතැයි මහකොමසාරිස්වරයා විශ්වාසය පල කර සිටි.

Share this: